එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස 2011 වසරේදී පත්වූ ඒ මහතා 2004 වසර දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබීය.
මිය යන විට ඒ මහතා කැපිටල් මහා රාජා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.
සෙනරත් කපුකොටුව මහතාගේ දේහය මේ වන විට අංක 4/4 වැලිකඩවත්ත රාජගිරිය දරන ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (31/07) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
Share

