‘අමරදේව අසපුවට’ මුල්ගල තබයි.

Foundation stone laid for ‘Amaradewa Asapuwa’

Source: www.news.lk

අප අතරින් වියෝවූ හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිවන ‘අමරදේව අසපුව’ සඳහා මුල් ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28/08) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිවරයාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

බත්තරමුල්ල, අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමියක් පුරා ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now