පෙට්‍රල් වලින් සහ ඩීසල් වලින් ධාවනය කරනු ලබන සියලු මෝටර් රථ 2040 වන විට අලෙවි කිරීම නවතා දමන බවට ප්‍රංශය ප්‍රකාශ කරයි.
මෙම තීරණය විප්ලවයක ඇරඹුමක් බව ප්‍රංශ පාරිසරික අමාත්‍ය Nicolas Hulot ප්‍රකාශ කර ඇත.
මෙවැනි වූ ෆොසිල දහන ඉන්ධන භාවිත කරන වාහන අවලංගු කිරීම දේශගුණික විපර්යාස පිළිබඳ වූ පැරිස් සම්මුතියට සහය දැක්වීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.
Nicolas Hulot යනු ප්‍රංශයේ සිටින ප්‍රවීණතම පාරිසරිකවේදියෙකු වන අතර නව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron විසින් එනිසාම ඔහුව පාරිසරික අමාත්‍යධුරයට පත් කරනු ලැබීය.
2019 පටන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරන බවට දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ස්වීඩනයේ Volvo සාමාගම නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනිණි.

