SKIP TO MAIN CONTENT

ලොවම බලාසිටි 2018 ලෝක පාපන්දු කුසලානය අවසානයේදී තමන් සතු කරගැනීමට ප්‍රංශය සමත්වෙයි.

foot
Source: SBS

1 min read

Published

Updated

By Charitha Adikari, Sanjaya Dissanayake



Skip to article content

 

2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද අළුයම 3 ට පමණ (July 16th) රුසියාවේ මොස්කව් නුවරදී නිමාවට පත් වූ අතර, එහිදී ක්‍රෝඒෂියාව පරාජයට පත් කරමින් ගෝල 4ට 2ක් ලෙස ජයග්‍රහණය අත්කරගන්නට ප්‍රංශ කණ්ඩායම සමත් විය. ප්‍රංශය පාපන්දු  ලෝක කුසලානය ජයගත් දෙවැනි වතාව මෙය වන අතර මීට වසර 20කට පෙර 1998 වසරේදීද ඔවුන් ශුරතාවය හිමි කරගන්නට සමත් විය. මේ අනුව ලෝක කුසලාන අනු ශුරයන් බවට ක්රොඑශියාවෙ පත්වේ.

 ප්‍රංශය වෙනුවෙන් දෙවැනි තීරණාත්මක ගෝලය වාර්තා කල සහ තවත් ගෝල දෙකක් සදහා සහාය ලබාදීම හේතුවෙන් Antoine Griezmann  අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කරගන්නට සමත් විය.

 තමන්ගේ නම සහ තම කණ්ඩායමේ සගයින්ගේ නම් ප්‍රංශ පාපන්දු ඉතිහාසයට එක් වීම පිලිබදව තමන් ආඩම්බර වන බව ඔහු තරගයෙන් අනතුරුව සදහන් කළේය.

මෙම ජයග්‍රහණය 1966 න් පසුව සාමාන්‍ය තරග කාලය තුලදී  වැඩිම ගෝල ගණනකින් ලබා ගත්  ජයග්‍රහණයකි.

 මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රංශයට ඩොලර් මිලයන 38ක ත්‍යාග මුදලක් හිමිවූ අතර, අනුශුරයින් බවට පත් වූ ක්‍රෝඒෂියාවට ඩොලර් මිලියන 28ක ත්‍යාග මුදලක් හිමි වූ බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now