මෙම වසරේ ජූලි 1 දා සිට ඔස්ට්‍රේලියාවට පැමිනෙන අන්තර්ජාතික සිසුන් සැමටම එක් විසා ඛාණ්ඩයක් පමණක් .......

මෙම වසරේ ජූලි 1 දා සිට අන්තර්ජාතික සිසුන් ලෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා සැමටම පොදු එක් ශිෂ්‍ය විසා කාණ්ඩයක් පමණක් නිකුත් කෙරේ.....

new student visa

new student visa from Immigration and Border protection Source: student visa.jpg

මෙම වසරේ ජූලි 1 දා සිට අන්තර්ජාතික සිසුන් ලෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා තනි ශිෂ්‍ය විසා කාණ්ඩයක් පමණක් නිකුත් කිරීමට ඕස්ට්‍රේලියාන සංක්‍රමණ අමාත්‍යාංශය තීරණය කොට තිබේ. නව විසා කාණ්ඩය subclass 500 ලෙස නම් කොට ඇත.

මිට පෙර ශිෂ්‍ය විසා කාණ්ඩ කිහිපයක් යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව තිබුනද 2016 ජූලි 1 දා සිට කුමන අංශයෙන් අධ්‍යාපනය ලැබීමට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කලද එලෙස පැමිණිය හැක්කේ  නව විසා කාණ්ඩය වන subclass 500 යටතේ පමණි.

 

ඔබගේ ශිෂ්‍ය විසා අයදුම් පත්‍රයට අදාළව යොමු කලයුතු ලියකියවිලි සෙවීම සඳහා පහත ලින්කුව හරහා ගොස් education provider කෙනෙකු තෝරාගත හැකියි 

Education providers.

වැඩිදුර විස්තර සහ දත්ත පහත ලින්ක් වලින් ලබාගත හැකියි...

දැනට ශිෂ්‍ය විසා එකක සිටින අයෙකු නම්

ඔබ දැනට පවතින ශිෂ්‍ය විසා වන subclass 572,573 හෝ 574  යටතේ සිටින අයෙකු නම් මෙම නව තීරණය ඔබට බල නොපාන අතර ඔබගේ ශිෂ්‍ය විසා ඛාණ්ඩය එලෙසම වලංගුව පවතිනු ඇත. මෙම වසරේ ජූලි 1 දා සිට ක්‍රියාත්මක නව විසා ඛාණ්ඩය ඔබට බල නොපායි.

එසේ වුවද ජුලි 1 දායින් පසුව ඔබගේ පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ඔවුන්ව ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනුයේ නව විසා ඛාණ්ඩය යටතේයි. ඒ අනුව ඔබ දැනට පවතින ශිෂ්‍ය විසා වන subclass 572,573 හෝ 574  යටතේ සිටින අයෙකු නම් ජූලි 1 දාට පසුව ඔබගේ පවුලේ අයට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකිවනුයේ නව ශිෂ්‍ය විසා ඛාණ්ඩය වන subclass 500 යටතේයි.

 

මේ පිළිබඳව සිදුකල සම්මුඛ සාකච්චාවට සවන්දෙන්න පහත ලින්ක් එකෙන්....

http://www.sbs.com.au/yourlanguage/sinhalese/si/content/juuli-1-daa-sitt-osttreeliyaavtt-paeminen-antrjaatik-sisuntt-alut-visaa-khaannddyk?language=si


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now