නත්තල සහ නව අවුරුදු උදාව බොහෝවිට අපේ හිතේ ඇඳී ඇත්තේ සුදු පති හිම, අයිස් වැසි, ශීත සෘතුව නිසා තුරුපත් හැලීම වැනි ස්වභාවික සිදුවීම් සමගය.
උතුරු අර්ධ ගෝලයට ඒවා පොදු දේවල් වුවද දකුණු අර්ධ ගෝලයට ඒවා වෙනස් වේ.
ඔස්ට්‍රේලියාවේ ඇත්තේ වෙනස්ම තත්ත්වයකි.
නත්තල් සමය උදාවීම අරඹන විටම ඔස්ට්‍රේලියාවේ විවිධ දේශීය තුරු ලතා ඵල බර වන සහ මලින් සැරසෙන අතර එළඹුණු ග්‍රීෂ්ම කාලයේදී වසරේ හොඳම පළතුරු ලබාගත හැකිය.
ඒ අතර මකුණන් සහ කුරුමිණියන් විශේෂ ගණනාවක් ඔවුන්ගේ පැමිණීම ප්‍රසිද්ධ කිරීමට ද පටන් ගනී.
ඇත්තටම Christmas beetles හෙවත් නත්තල් කුරුමිණියන් යනු කවුරුන්ද, ඔස්ට්‍රේලියානු නත්තල් ගසක් යනු කුමක්ද සහ ඔස්ට්‍රේලියාවට නත්තල් නිවාඩුව එළඹෙන අයුරු ස්වභාවධර්මය කියාපාන්නේ කෙසේද? අපි මේ ලිපියෙන් විමසා බලමු.
Christmas beetle හෙවත් නත්තල් කුරුමිණියා
බොහෝ ඔස්ට්‍රේලියානුවන් සඳහා, නත්තල් කුරුමිණියා නත්තල් නිවාඩු සමයේ සම්භාව්‍ය සංකේතයක් වන අතර එය බොහෝ ළමා මතකයන් අවුස්සයි.
මෙම කුරුමිණියාගේ සිරුර තරමක් විශාල වන අතර ඝන හැඩයක් ගනී.
එමෙන්ම ලෝහමය දුඹුරු, කහ හෝ රෝස පැහැති වර්ණ නිසා ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැකිය.
ග්‍රීෂ්ම සමයේ මැද භාගයේ දී මෙම කුරුමිණියෝ මතු වන අතර බොහෝ විට ආලෝකය වටා රංචු ගැසී සිටිති.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මොවුන් විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ බහුලව දක්නට ලැබේ.
නත්තල් කුරුමිණියන් නත්තල ආශ්‍රිතව අතීතයේ සම්භාව්‍ය සංකේතයක් වුවද, වර්තමාන නත්තල් සමයේ කුරුමිණියන් එතරම් සුලභ නොවේ.
ඔස්ට්‍රේලියානු කෞතුකාගාරයට අනුව, පසුගිය වසර 30 තුළ සිඩ්නි ප්‍රදේශයෙන් වාර්තා වූ මුළු නත්තල් කුරුමිණියන් සංඛ්‍යාව අඩු වී තිබේ.
තණකොළ සහිත වනාන්තර ප්‍රදේශවල නිවාස ඉදිකිරීම නිසා මෙය සිදුවී ඇති බව ඔස්ට්‍රේලියානු කෞතුකාගාරය පවසයි.
Moodjar ගස
බටහිර ඔස්ට්‍රේලියා ප්රාන්ටහ්යේ Moodjar ගසේ කහ මල් ග්‍රීෂ්ම සෘතුව ආරම්භයේදී ප්‍රාන්තයේ පහළ භාගය හරහා පිපෙන්නට පටන් ගන්නා අතර, නත්තල ආසන්නයේ ඇති බවට එය පෙර නිමිති ඉදිරිපත් කරයි.
බටහිර ඔස්ට්‍රේලියාවේ නත්තල් ගස ලෙස හඳුන්වන Moodjar ගස ස්වදේශික ඔස්ට්‍රේලියානු ජන ඛාණ්ඩයක් වන Noongar ජනයාගේ පූජනීය ශාකයකි.
මෙම අද්විතීය ශාකය ලොව විශාලතම mistletoe ශාකය වන අතර එය ලොව විශාලතම පරපෝෂිතයන්ගෙන් එකක් ලෙස විශ්වාස කෙරේ.
මෙහි මුල් අනෙකුත් ගස්වල මුල් ආක්‍රමණය කර ඒවායේ යුෂ උරා බොයි.
Noongar ජනයාගේමෙම පූජනීය ගස මළවුන්ගේ ආත්මය සමඟ සම්බන්ධ වන බවට විශ්වාස කරයි.
එබැවින් මෙහි මල් ලස්සන වුවද ගසට හානි කිරීම හෝ එහි අතු, සැරසිලි ලෙස භාවිතා නොකළ යුතු බවට මතයක් පවතී.
චෙරි
ඔස්ට්‍රේලියාවේ නත්තල් සමය ආරම්භ වන බවට තවත් මනරම් පෙර නිමිත්තක් වන්නේ ඔස්ට්‍රේලියාව පුරාම චෙරි හටගැනීමය.
චෙරි කන්නයේ උච්චතම අවස්ථාව බොහෝ විට නත්තල් දිනය සමඟ සමපාත වීම ඔස්ට්‍රේලියාවේ ප්‍රීතිමත් අහඹු සිදුවීමක් ලෙස සැලකේ.
චෙරි, නත්තල් රතු පැහැයේ විවිධ වර්ණවලින් යුක්ත වන අතර සාම්ප්‍රදායික නත්තල් රතු බෙරි වලට මදක් සමානකම් දක්වයි.
නත්තලට සතියකට දෙකකට පෙර සිට ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල පළතුරු සහ එළවළු අංශයේ චෙරි ප්‍රමුඛත්වයක් ගනී.
බොහෝ ඔස්ට්‍රේලියානුවෝ චෙරි නත්තල් කෑම මේසයටද ඇතුළත් කරති.
නත්තලට දෙසතියකට පෙර බටහිර ඔස්ට්‍රේලියාවේ Manjimup හි පැවති මේ වසරේ වාර්ෂික Cherry Harmony උත්සවයේදී චෙරි ටොන් එකකට වඩා අලෙවි වූ බව වාර්තා වේ.

Cherries are a classic summer fruit in Australia. Source: Getty / Monica Bertolazzi
NSW නත්තල් පඳුරු
NSW නත්තල් පඳුර (Ceratopetalum gummiferum) ලෙස හඳුන්වන මෙම ශාකය රතු පැහැයක් ගනී.
මෙම ශාකය එහි රතු පැහැය ලබා ගන්නේ එහි මල් වලින් නොව මල් පෙති හෝ මල් පෙති ආවරණය කර ඇති කොළ සහිත ද්‍රව්‍ය මගිනි.
ඔස්ට්‍රේලියාවේ මෙම ශාකයේ උසින් අඩු අනුවාදයක් (dwarf version) ලියාපදිංචි කළ Brian Roach, ඔක්තෝබර් මාසයේදී මෙහි මල් ඇත්ත වශයෙන්ම සුදු හෝ ක්‍රීම් වර්ණයක් බව SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

Brian Roach registered a dwarf version of the NSW Christmas bush. Source: Supplied / Brian Roach
මෙම ශාකයේ විශාල වර්ග NSW ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වන අතර, උසින් අඩු වර්ගයේ ශාක කප්පාදු කිරීමෙන් පවත්වාගෙන යන ලෙස දැනුම් දී තිබේ.