බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ හැර ඔස්ට්‍රේලියාවේ අනෙක් සියලුම ප්‍රාන්ත හා ටෙරිටරිවල දූෂිත නිවිති කොළ පිළිබඳ නිෂ්පාදනයක් පිළිබඳ වාර්තා වේ.
Coles, Woolworths, ALDI සහ Costco යන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාල හතර මෙම දූෂිත නිවිති කොළ නිෂ්පාදන යළි කැඳවා තිබේ.
මෙම දූෂිත නිවිති පරිභෝජනය කළ අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු සිහි සිහි මද ගතිය, නොපැහැදිලි පෙනීම සහ උණ වැනි රෝග ලක්ෂණ සමඟ විෂ සහිත ප්‍රතික්‍රියා අත්විඳ ඇත.
ආපසු කැඳවනු ලැබූ නිෂ්පාදන මොනවාද?
නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ACT, ක්වීන්ස්ලන්ත, NT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල නිවිති නිෂ්පාදන 11ක් තම රාක්කවලින් ආපසු කැඳවන බව Coles සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසයි.
දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 23 දක්වා කල් ඉකුත්වන දිනයන් සහිත නිවිති කොළ පැකට් සහ සලාද මිශ්‍රණ ඇති Coles සන්නාමය සහිත අයිතමයන් මෙලෙස ආපසු කැඳවා ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Woolworth සන්නාමය සහිත සලාද නිෂ්පාදන දෙකක් "අනාරක්ෂිත ශාක ද්‍රව්‍ය" හේතුවෙන් නිව් සවුත් වේල්ස්, ACT, ක්වීන්ස්ලන්ත සහ වික්ටෝරියා ප්‍රාන්තවල වෙළඳසැල්වලින් නැවත කැඳවා ඇති බව Woolworths පවසන්නේ
මෙම අයිතමවලට දෙසැම්බර් 20 දිනෙන් කල් ඉකුත් වන chicken cobb salad සහ දෙසැම්බර් 20 හෝ 22 දිනෙන් කල් ඉකුත් වන chickepea falafel salad ඇතුළත් වේ.

වික්ටෝරියා හි ALDI වෙළඳසැල් විසින් ඇසුරුම් කරන ලද Fresh Salad Co Fresh සහ Fast Stir Fry සලාද මිශ්‍රණද ඉවත් කර ඇත.
CostCo සුපිරි වෙළෙඳ සැල් ජාලය විසින් පසුගිය සිකුරාදා නිව් සවුත් වේල්ස්, ACT සහ වික්ටෝරියා හි ගබඩාවල ඇසුරුම් කරන ලද නිවිති කොළ නිෂ්පාදන දෙකක් ආපසු කැඳවා ඇත.
Riviera Fresh Pty Ltd සන්නාමය සහිත ග්‍රෑම් 350 baby spinach බෑග් සහ කිලෝ ග්‍රෑම් එකේ baby spinach බෑග් එලෙස කැඳවා ඇත.
ඒවායේ කල් ඉකුත් වීමේ දිනයන් දෙසැම්බර් 16 සිට දෙසැම්බර් 28 දක්වා වේ.

මේවා ආහාරයට ගත් මිනිසුන් අසනීප වෙලාද?
Riviera Farms සන්නාමය සහිත baby spinach අහම්බෙන් දූෂිත හෝ අපවිත්‍ර වී ඇති අතර එමඟින් මිනිසුන්ට විෂ සහිත ප්‍රතික්‍රියා අත්විඳිය හැකි බවට බලධාරීහු විශ්වාස කරති.
ව්‍යාකූලත්වය, සිහි මද බව, ඇස්වල කළු ඉංගිරියාව සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල වන වීම, වේගවත් හද ගැස්ම, මුහුණ රතු වීම, නොපැහැදිලි පෙනීම, වියළි මුඛය සහ සම සහ උණ යන රෝග ලක්ෂණ මේ නිසා ඇතිවිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා අනෙක් ප්‍රාන්ත සහ ටෙරිටරි සමඟ කටයුතු කරමින් සිටින අතර සිකුරාදා සවස් වන විට පුද්ගලයින් 47 දෙනෙකු baby spinach ආහාරයට ගැනීමෙන් පසු රෝග ලක්ෂණ වාර්තා කර ඇති අතර අවම වශයෙන් 17 දෙනෙකු වෛද්‍ය ආධාර ඉල්ලා ඇති බව NSW Health පවසයි.
අසනීප වුවහොත් මා කළ යුත්තේ කුමක්ද?
අදාළ දූෂිත යයි සැලකෙන නිවිති ආහාරයට ගත් බවට සැකයක් ඇති පාරිභෝගිකයින් විෂ තොරතුරු මධ්‍යස්ථානය ඇමතිය යුතු අතර අසාමාන්‍ය හා දරුණු රෝග ලක්ෂණ අත්විඳින ඕනෑම අයෙකු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

