ඔස්ට්‍රේලියාවේ තෘතියික අධ්‍යාපනයට ප්‍රවේශය වැඩි දියුණු කිරීම, කාබන් විමෝචනය අඩුකිරීම්වල අඛණ්ඩතාව ඉහළ නැංවීම මෙන්ම ශ්‍රම වෙළෙඳපොළේ හිඟය සහ ඵලදායිතාව වර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස ඵලදායිතා කොමිෂන් සභාව සිය නවතම වාර්තාව එළිදක්වා තිබේ.
පස් අවුරුදු වාර්තාවක් වන මෙහි ඔස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍රවල ඵලදායිතාව නගා සිටුවීමට නිර්දේශ කිරීම් 71 ක් ඉදිරිපත් කර ඇත.
දේශීය විශ්ව විද්‍යාල සිසුන්, දේශගුණික විපර්යාස සහ Medicare
නිපුණතා අවශ්‍යතා සමඟ පාඨමාලා වඩා හොඳින් පෙළගස්වා ගැනීම සඳහා දේශීය විශ්ව විද්‍යාල සිසුන්ට මධ්‍යම රජයේ අනුග්‍රහය සහිත විශ්ව විද්‍යාල වරම් ලබා දීම සඳහා එහි "ඉල්ලුම මත පදනම් වූ ආකෘතිය" දෙගුණ කරන ලෙස ඵලදායීතා කොමිසම මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
සායනිකව ඵලදායී යැයි සැලකෙන ප්‍රතිකාර සඳහා පමණක් අරමුදල් යන බව සහතික කිරීම සඳහා Medicare විසින් දීමනා ලබා දෙන තෝරාගත් සේවාවන් පිළිබඳ වාර්ෂික සමාලෝචනයක් කොමිසම නිර්දේශ කරයි.
දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සහ අවම පිරිවැයකින් කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍ය අගයට ළඟා කර ගැනීම ද ඉහළ මට්ටමේ අරමුණක් ලෙස ඵලදායීතා කොමිසම සිය වාර්තාවේ සටහන් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ වීසා පද්ධතිය
Employer-sponsored හෙවත් සේවා යෝජකයා විසින් අනුග්‍රහය දක්වන වීසා සඳහා පදනම ලෙස රැකියා පාදක ලැයිස්තුවෙන් (occupation-based lists) වැටුප් සීමාවන් කරා ගමන් කරන ලෙස කොමිසම ඉල්ලා සිටියි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ව්Business Innovation & Investment වීසා වැඩසටහන අහෝසි කළ යුතු බවද ඵලදායීතා කොමිසම නිර්දේශ කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැබෑ සැලසුම් ඇති පුද්ගලයින් සඳහා තාවකාලික සංක්‍රමණයට පහසුකම් සැලසිය යුතු බවත් ස්ථිර පදිංචිය පිණිස වන මාර්ග සඳහා සංශෝධිත Skilled Independent වීසා බලපත්‍රයක් ඇතුළත් විය යුතු බවත් එම නිර්දේශ අතර වේ.
Skilled Independent වීසා වැඩි දියුණු කළ යුතු බවද ඵලදායීතා කොමිසමේ නිර්දේශ අතර වේ. Skilled Independent වීසා (subclass 189) සඳහා, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනට පවතින ලැයිස්තු මත පදනම් වූ සීමා ඉවත් කළ යුතු නමුත් රාජ්‍ය මූල්‍ය සහ රැකියා ප්‍රතිලාභ සමඟ සම්බන්ධ වී ඇති බව පෙන්වන ඕනෑම සාධකයක් සඳහා ලකුණු ප්‍රදානය කිරීමට ලකුණු ක්‍රමයට හැකි විය යුතු බවද එම නිර්දේශ අතර වේ. විවිධ වයස් කාණ්ඩ සඳහා විවිධ ආදායම් මිණුම් සලකුණු සහිතව, ආදායම් මට්ටම අනුව ඔස්ට්‍රේලියාවේ පවතින රැකියා සඳහා අමතර ලකුණු ප්‍රදානය කළ යුතුය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සියලුම නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව රජය පවසයි
ඵලදායී කොමිසමේ මෙම වාර්තාවේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නමුත් බොහෝමයක් තම රජයේ වටිනාකම් සහ ප්‍රමුඛතා සමඟ අනුකූල වන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමක් නොමැතිව ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ වර්තමාන ජීවන තත්ත්වය පවත්වා ගැනීම සඳහා සතියකට තවත් පැය දෙකක් වැඩ කරන බව ඔහු පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (මාර්තු 16) ප්‍රකාශ කළේය.
ඵලදායිතා වර්ධනයක් සිදු නොවන්නේ නම් ඔස්ට්‍රේලියානුවන් 40% කින් අඩු ආදායමක් උපයනු ඇති බව බ්‍රිස්බේන්හි ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව (CEDA) අමතමින් ඔහු කියා සිටියේය.

