SKIP TO MAIN CONTENT

Colombo Kings වෙතින් LPL අවසන් මහා තරගයේ සිහිනය Galle Gladiators උදුරා ගනී

Galle Gladiators reached the Lanka  Premier League final
Source: Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (13/12) පැවති ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් Colombo Kings කණ්ඩායම පරදා Galle Gladiators කණ්ඩායම කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව දෙසැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට Galle Gladiators කණ්ඩායම සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනූ Galle Gladiators කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Colombo Kings කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

ජයග්‍රාහී ලකුණු 151 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායම එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8 කට ලකුණු 151 ක් රැස් කර තරගයේ ජය සනිටුහන් කළේය.

කෙසේවෙතත්, අත්‍යවශ්‍යම මොහොතේදී Colombo Kings කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයකට ලක්වීමත් උඩ පන්දු 6 ක්ම පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමත් Colombo Kings කණ්ඩායමේ පරාජයට ප්‍රධාන ලෙසම බලපෑ බව විචාරකයෝ පැවසුහ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (14/12) Dambulla Viiking සහ Jaffna Stallions අතර පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now