SKIP TO MAIN CONTENT

සුදු වෑන් කතන්දර ගෙතූ සියල්ලෝම එක පොදියට ඇතුලට යද්දී ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා තානාපති හීන්සීරුවේ ජනපති හමුවෙයි

Switzerland ambassador to Sri lanka meets president Gotabhya Rajapaksha
Switzerland ambassador to Sri lanka meets president Gotabhya Rajapaksha

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පැහැරගැනීමකට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලංකික නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමත්තිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ශ්‍රී ලංකා රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මත දෙසැම්බර් 30 දක්වා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16 Dec)නියෝග කළේය.

 තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කල මෙම නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිට පෙර අවස්ථා කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය. එසේම ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙතට ද ඊයේ දිනයේදී ඉදිරිපත් කෙරින.

ගානියා බැනිස්ටර් නමැති මෙම කාන්තාව ප්‍රකාශ කරන ආකාරයට ඇයව පැහැරගැනීමකට, පහරදීමකට හෝ ලිංගික අතවර කිරීමකට ලක්වූ බවක් මෙතෙක් ඉදිරිපත් වූ කිසිදු සාක්ෂියක් මගින් අනාවරණය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කොට ඇති පරීක්ෂණ වලදී හෙළිව ඇති බවත් වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ (16 Dec) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇති බවද වාර්තා වේ.

එමෙන්ම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ මාධ්‍ය හමුවට සහභාගී වී සුදු වෑන් වලින් පැහැර ගැනීම් සිදුකල බවට වුනු සිද්ධියක් පිළිබඳ කරුණු සඳහන් කළ පුද්ගලයින් දෙදෙනා ද ඊයේ දිනයේදී (දෙසැ 16) රක්ෂිත බන්ධනාගාර ගත කෙරින. ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන මෙම පුද්ගලයින් දෙදෙනා ඒ අනුව මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරින.

මෙම මාධ්‍ය හමුවට මොවුන් දෙදෙනා සහභාගී කරවා ඇත්තේ එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් මුදල් ලබා දී බව හෙළි වී ඇතැයි අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම පුද්ගලයන් දෙදෙනා මිනිස් ඝාතන සහ බරපතළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඊයේ දිනයේදී රක්ෂිත බන්දනාගාර ගත කෙරුණු මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකු  සුදුවෑන් රථයකින් පැහැරගත් බවට ද අයෙක් හිටපු LTTE  නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබුනේයැයි  පවසන රත්රන් ප්‍රවාහනය සඳහා  යොදාගත් බවටද ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගිය 13 වනදා මොවුන් දෙදෙනා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ.  ඉන් අනතුරුව පැය 72 ක කාලයක් සඳහා ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති නිසා මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ නියෝග කලාය .

 

 

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now