ඔස්ට්‍රේලියානු ගෑස් සැපයුමේ සැලකිය යුතු හිගයක් ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක්.

Gas Shortage

Gobierno australiano informó que acelerará proyectos ligados al gas. Source: AAP

2018 සහ 2019 වසර වන විට ඔස්ට්‍රේලියානු ගෑස්  සැපයුමේ සැලකිය යුතු හිගයක් ඇති විය හැකි බව නවතම වාර්තා දෙකක් මගින්  පෙන්වා දී තිබේ.

Australian Energy Market Operator සහ ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම මගින් නිකුත්  කල වාර්තා දෙකක් මගින් මේ බව පෙන්වා දී ඇති බව සදහන්.

මෙම තත්වයට මුහුණ දීම සදහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත තම ගෑස්  නිෂ්පාදන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට කටයුතු කල යුතු බව අගමැති ටර්න්බුල් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

උදාහරණයක් ලෙස නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ Narrabri ගෑස් ව්‍යපෘතිය සදහා ඇති සීමාවන් ඉවත් කරමින් එය ඉක්මනින් නිම කිරීමට කටයුතු කල යුතු බව පසුගියදා අගමැති වරයා ප්‍රකාශ කළ අතර, එම ප්‍රාන්තය තුල තවත් ව්‍යාපෘති ගණනාවකට මුලිකත්වය ලබාදීමට සිදු වී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත  සම්පත් සහ බලශක්ති අමාත්‍ය වරයා පවසයි.

මෙවැනි ගෑස් හිගයක් ඇත්නම්, ගෑස් වෙළදපොල පාලනය සදහා මැදිහත් වීමට රජය සුදානම් බව ද  අගමැති ටර්න්බුල් වැඩි දුරටත් පවසයි.

ගෑස්  හිගයකට ඔස්ට්‍රේලියාව  මුහුණ දෙන බව රජය විසින් නිල වශයෙන් නිවේදනය කල යුතු බව මේ පිලිබදව අදහස් දක්වන කම්කරු පක්ෂය පවසයි.

රජය මේ සදහා ඉක්මන් පියවරක් ගත යුතු බව කම්කරු පක්ෂයේ බලශක්ති කටයුතු පිළිබද ප්‍රකාශක Mark Butler පවසයි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now