SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ගැසට් නිවේදනය මාස 3කින් කල් යයි.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල නියමයන් බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම මාස 3කින් කල් දමා  ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය පසුගිය ජුලි මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

තම අමාත්‍යාංශය මගින් සිදුකළ යුතු සියළු වගකීම් මේ වන විට ඉටු කර අවසන් කර ඇති බවත් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නේ ද නැද්ද යන්නේ ද පිළිබදව තීරණය ගැනීමේ වගකීම මේ වන විට පාර්ලිමේන්තුවට පැවරී ඇති බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසීය.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති අතර මෙය ලැජ්ජා සහගත ලෙස මැතිවරණ සිතියම අකුලා දැමීමක් බව මෙය හෙළා දකින  කැෆේ සංවිධානය ප්‍ර‍කාශ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now