ඔස්ට්‍රේලියාවේ ජාතික ජනගහන සහ නිවාස සංගණය අදට යෙදී තිබේ. වසර 100කට වඩා පැරණි ඔස්ට්‍රේලියානු සංගණන ඉතිහාසයේ විශාලතම සංගණය මෙය බවද වාර්තා වේ. මේ වන විට ඔබට ලැබී ඇති සංගණන උපදෙස් ලිපියේ ඔබේ නිවසට අයත් අංක 12කින් යුත් කේතය https://stream20.census.abs.gov.au/eCensusWeb/welcome.jsp#top2 යන වෙබ් ලිපිනයට ගොස් ඇතුලත් කිරීමෙන් ඔබට මෙම සංගණය සඳහා ඔබේ දත්ත සැපයීමට හැකියාව තිබේ.
අන්තර් ජාලය ඔස්සේ නොව සංගණන පත්‍රිකා මගින් ඔබ සංගණන දත්ත සැපයීමට අපේක්ෂා කරනවානම් ඔබට 1300 820 275 යන දුරකතන අංකයෙන් ඒවා ලබාගැනීමට හැකියාව පවතියි. මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර එහිදී ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නිවසට ලැබුණු සංගණන උපදෙස් සහිත ලිපියේ ඇති අංක 12කින් යුත් කේතය පමණි. මෙම සේවාව අගෝස්තු 09 වන දිනට පසු දින පවා වීවෘතව පවතිනු ඇත.
නමුත් මේ වනවිට විශාල දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බැවින් අන්තර් ජාලය ඔස්සේ තම දත්ත සැපයීමට උනන්දු වන ලෙස ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔස්ට්‍රේලියාවේ අවසාන වරට මෙවැනි වූ ජාතික සංගණනයක් අවසන් වරට පැවැත්වුයේ 2011 වසරේදීය.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපගේ ශ්‍රී ලංකික ප්‍රජාවට මෙය මහගු අවස්තාවක් වී තිබේ. මීට හේතුව මෙම සංගණනයෙන් ලැබෙන දත්ත අනුව ඔස්ට්‍රේලියාව තුළ අදාළ ප්‍රජාවන්ට හිමි ප්‍රතිපාදන සහ පහසුකම් ඇස්තමේන්තු කිරීමට රජය කටයුතු කිරීමය. මෙහිදී ඔබ නිවසේදී කතා බහ කරන භාෂාව කුමක්ද යන ප්‍රශ්නයට “සිංහල” යනුවෙන් පිළිතුරු සැපයීමටද අමතක නොකරන්න.
ඔබ තවමත් ඔස්ට්‍රේලියානු සංගණනයට ඔබේ දත්ත ඇතුලත් කළේ නොමැතිනම් අදම එම කටයුත්ත සිදු කිරීමට කාරුණික වන්න. එය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔබටත් මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සිදු කරන විශාල යුතු කමකි.

