SKIP TO MAIN CONTENT

ඡන්දයට සූදානම් වෙන්න - ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්.

Get ready for the election: President Maithri.
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන ලෙස ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඊයේ (06/09) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

පළාත් පාලන ආයතන සම්බන්ධව යෝජිත 20 වන සංශෝධන කෙටුම්පත සම්මත වුවත් නැතත් මේ වසර අගදී මැතිවරණයක් පැවැත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇති හෙයින් ඒ සඳහා දැන් සිටම සූදානම් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති මෛත්‍රී එහිදී දැනුම් දී තිබේ.

මේ අතර නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ඇතුළත් සභිකයන් සියයට 60 ක්‌ කොට්‌ඨාස ක්‍රමයෙන් හා සියයට 40 ක්‌ සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගන්නා මැතිවරණ ක්‍රමය පළාත් සභා මැතිවරණයට ද යොදා ගැනීමට ඊයේ පැවැති විශේෂ ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී තීන්දු කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසා සිටියේය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්‌ව පැවැති මහ නගර සභා , නගර සභා  සහ ප්‍රාදේශීය නගර සභා ආඥ පනත් සංශෝධනයටත් එහිදී අනුමැතිය ලැබුණු බවද ඒ මහතා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now