SKIP TO MAIN CONTENT

ජපානයේ මාර්ගයක් ගිලා බැස ඔලිම්පික් තටාකයක් නිර්මාණය වේ.

Giant sinkhole swallows Japanese city street.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දකුණු ජපානයේ Fukuoka නගරයේ මංතීරු 5කින් සමන්විත ප්‍රධාන මාර්ගයක කොටසක් අද (08/11) උදෑසන හදිසියේ ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ විශාල වළක් නිර්මාණය වී තිබේ. මෙම තත්ත්වය නිසා එම ප්‍රදේශයේ විදුලිය, ජලය සහ ගෑස් සැපයුමද බිඳ වැටී ඇති බව වාර්තා වේ.

මෙම ගිලා බැසීම අද අලුයම් කාලයේදී සිදුවූ බැවින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව බලධාරීන් පවසයි.

A massive sinkhole has opened up in the middle of the business district in Fukuoka, southern Japan.
A massive sinkhole has opened up in the middle of the business district in Fukuoka, southern Japan. Source: AAP

මේ තත්ත්වයට හේතුව කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් එය මේ වන විට අදාළ ප්‍රදේශයට යාබදව ඉදිවෙමින් පවතින උමං මාර්ගය හා සම්බන්ධ දැයි සැකයක් මතුව ඇති බවද පැවසෙයි.

උමං මාර්ගයක ඉදිකිරීම් හේතුවෙන් 2014 වසරේදීද Fukuoka නගරයේ ප්‍රදේශයක ගිලා බැසීමක් සිදුව කුඩා ප්‍රමාණයේ වළක් සෑදුනු බව සඳහන්.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පිහිණුම් තටාකයක් හා සමාන විශාලත්වයකින් යුත් මෙම වළ නිර්මාණය වී ඇත්තේ නගරයේ කාර්ය බහුලම දුම්රිය ස්ථානයක් වන Hakata දුම්රිය ස්ථානය ආසන්නයේදී බව වාර්තා වේ.

A huge sinkhole is pictured at a crossing near JR Hakata Station in downtown Fukuoka.
A huge sinkhole is pictured at a crossing near JR Hakata Station in downtown Fukuoka. Source: AAP

මේ තත්ත්වය හේතුවෙන් ඒ ආසන්නයේ ගොඩනැගිලිවල සිටින පිරිස් ඒවායින් ඉවත් කර ඇති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now