SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ දූෂණ විරෝධී ස්වාධීන කොමිසම පරීක්ෂණයක් ඇරඹීමත් සමග NSW ප්‍රාන්ත අගමැතිනිය ඉල්ලා අස්වෙයි

NSW Premier Gladys Berejiklian
NSW Premier Gladys Berejiklian resigns Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

තමා සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ දූෂණ විරෝධී ස්වාධීන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කිරීම නිසා මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.

Gladys Berejiklian තම ඉල්ලා අස්වීම මීට සුළු වේලාවකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නිවේදනය කළාය.

දුෂණචෝදනා ලත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Daryl Maguire සමඟ ඇති සබඳතාව හෙළි කිරීමට Gladys Berejiklian අපොහොසත් වීමෙන් ඇය මහජන විශ්වාසය උල්ලංඝනය කළා දැයි සොයා බලන බව ඔස්ට්‍රේලියාවේ දූෂණ විරෝධී ස්වාධීන කොමිසම අද (01/10) පැවසීය.

ඇයගේ මෙම ඉල්ලා අස්වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා පාලක ලිබරල් පක්ෂයෙන් නව ප්‍රාන්ත අගමැතිවරයෙක් පත් කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now