ඔබටත් ඇත්තේ හෝල්ඩන් වර්ගයේ මෝටර් රථයක්ද? හෝල්ඩන් මෝටර් රථ වලට සිදුවෙන්නට යන්නේ කුමක්ද යන්න ගැන ඔබ දැනුවත්ද?

The last vehicle to roll off the production line at the Holden plant in Elizabeth, Adelaide in 2017

The last vehicle to roll off the production line at the Holden plant in Elizabeth, Adelaide in 2017. Source: AAP

හොල්ඩන් වෙළඳ නාමය යටතේ වන මෝටර් රථ තවදුරටත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අලෙවි නොකරන බව ජෙනරල් මෝටර්ස් මෝටර් රථ නිෂ්පාදක සමගම නිවේදනය කරයි. ගෝලීයව කර්මාන්ත ක්ෂේස්ත්‍ර යේ ඇතිව තිබෙන වෙනස්වීම් හේතුවෙන් මෙම තීරණයට එළඹී බව මෙම ජෙනරල් මෝටර්ස් ඇමරිකානු සමගම වැඩිදුරටත් පවසා සිටි. ජෙනරල් මෝටර්ස් සමාගම ලබන වසර වන විට ඕස්ට්‍රේලියාවේ හෝල්ඩන් සම්නගමට අනුබද්දව සිදුකෙරෙන සිදුකෙරෙන දේශීය සැලසුම් සහ ඉංජිනේරු කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර වාහන ව්‍යාපාරය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති GM design Australia සහ GM Holden engineering ආයතන ගෝලීය වශයෙන් වෙනත් ස්ථානවලට ඒකාබද්ධ කෙරේ.

හොල්ඩන් ආයතනයෙහි ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති Julian Blissett පවසන්නේ මේ වසරේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත සිදුවන මෙහෙයුම් වසා දැමීම දුෂ්කර තීරණයක් වුනු බවයි.

හෝල්ඩන් මෝටර් රථ සමගම ඕස්ට්‍රේලියානු ව්‍යාපාරයක් වන අතර මිට පෙර ජෙනරල් මෝටර්ස් හෝල්ඩන් ලෙස හැඳින්වනු ලැබිණ. මෙම සමාගම 1856 දී දකුණු ඕස්ට්‍රේලියාවේ සෑදල නිෂ්පාදකයෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කරනු ලබා ඇත. පසුව මෙම හොල්ඩන් සමාගම 1908 දී මෝටර් රථ ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ අතර 1931 දී ඇමරිකානු ජෙනරල් මෝටර්ස් හි අනුබද්ධිත ආයතනයක් බවට පත්විය.

මේ අතර ජෙනරල් මොර්ටර්ස් ඇමරිකානු බහුජාතික සමාගම ඩොලර් බිලියන ගණනක ඕස්ට්‍රේලියානු රජයේ සහනාධාර ලබා ගැනීමෙන් පසුව හෝල්ඩන් සන්නාමය කපා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් සිය කෝපය ප්‍රකාශ කර තිබේ. ජෙනරල් මොර්ටර්ස් සමගම ගත් මෙම තීරණයෙන් ඕස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් නාස්ති කළ බවට අගමැතිවරයා චෝදනා කර සිටි. රජය සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම තීරණය ගැනීම ගැන තමා කෝප වන බව ඔහු පවසයි.

ජෙනරල් මොර්ටර්ස් ඇමරිකානු සමගමට අනුබද්දිත ඕස්ට්‍රේලියානු හෝල්ඩන් සන්නාමය කපා හැරීමට ගත් තීරණය හේතුවෙන් මේ වසරේ ජුනි මාසය වන විට මෝටර්රථ නිෂ්පාදන අංශයේ සේවයේ නියුතු මෙරට සේවකයින් 600 කට වැඩි පිරිසකට රැකියා අහිමිව යනු ඇතිබවට වාර්තා වේ. නමුත් හෝල්ඩන් නාමය යටතේ ඇති මෝටර්රථ වලට අවශ්‍ය සේවා සහ අමතර කොටස් පාරිභෝගිකයින්ට අඛණ්ඩව ලබා දීම සිදුවෙනු ඇති බව ජෙනරල් මොර්ටර්ස් සමගම පවසා සිටි.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now