SKIP TO MAIN CONTENT

ඥානසාර හිමියන් නැවත අත් අඩංගුවට ගෙන පසුව යළි ඇප දෙයි.

Sri Lanka Politics
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (21/06) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ අතර ඒ හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉන් අනතුරුව  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය පසු උන්වහන්සේගෙන් ප්‍රශ්න කර, ප්‍රකාශයක් ලබාගත් පසුව අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කළේය.

පොළොන්නරුව කින්නවේල්පට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස කළැයි ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා නගා ගොනු කළ තවත් නඩුවක් සම්බන්ධයෙන් උන්වහන්සේව එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21/06) නියෝග කළේය.

ඥානසාර හිමියන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා මහජන සාමය කඩවන පරිදි මින් මනත ක්‍රියා කළොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරනු ලබන බවද  දන්වා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now