SKIP TO MAIN CONTENT

අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක්.

Sri Lanka Politics
Source: Daily FT

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (13/06) ගොනු කළහ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

ඥානසාර හිමියන් විසින්  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බව පෙත්සමේ සඳහන් වේ.

එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  කටයුතු කරන බවත් ,පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now