අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (21/06) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ අතර ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.
එහිදී ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබුණු අතර ඒ හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණි බවද වාර්තා වේ.