SKIP TO MAIN CONTENT

ඥානසාර හිමිට ඇප. වරෙන්තුව ආපසු කැඳවයි.

Sri Lanka Politics
Source: Daily FT

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (21/06) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ අතර ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

එහිදී ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබුණු අතර ඒ හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණි බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now