SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල් වලට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන නව Gonski 2.0 ක්‍රමවේදයට ස්වාධීන සෙනට් සභිකයින් ගේ සහය.

Gonski 2.0
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන ක්‍රමවේදය වන Gonski සැලැස්මේ නව ආකෘතිය වන Gonski 2.0 සැලැස්ම සඳහා ලිබරල් සන්ධාන රජයට සහය දැක්වීමට ස්වාධීන සෙනට් සභිකයින් තීරණය කර තිබේ.

කම්කරු පක්ෂය මෙම යෝජනාවට එක හෙලා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර ග්‍රීන්ස් පක්ෂයද මෙයට සහය ලබා දෙනවාද යන්න පිළිබඳ ස්ථිර මතයක තවම නොසිටියි.

ඒ අනුව ලිබරල් සන්ධාන රජයට මෙය සෙනට් සභාව තුළ සම්මත කරගැනීමට One Nation පක්ෂයේ සෙනට් ඡන්ද 4 ද  Nick Xenophon ගේ කණ්ඩායමේ ඡන්ද 3 ද Jacqui Lambie, Derryn Hinch සහ Lucy Gichuhi යන සෙනට් සභිකයින්ගේ ඡන්ද තීරණාත්මක සාධකයක් වී ඇත.

කෙසේවෙතත්, ඔවුන් මේ සඳහා සහය දක්වන බවට ප්‍රකාශ කර තිබේ.

අද (21/06) රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now