SKIP TO MAIN CONTENT

ගෝඨාභය තායිලන්තයේ රැඳී සිටීමට අවසර ඉල්ලයි

Sri Lankan presidential candidate and former defense chief Gotabaya Rajapaksa attends a news conference in Colombo, Sri Lanka, Tuesday, Oct. 15, 2019
Sri Lankan president and former defense chief Gotabaya Rajapaksa Source: AAP, AP / AAP Image/AP Photo/Eranga Jayawardena

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

තනතුරින් ඉල්ලා අස්වුණු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ රැඳී සිටීම සඳහා අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

තායිලන්තයට ඇතුළු වී තාවකාලිකව රැඳී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අවසර ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා රජය, තම රජයෙන් මෙම ඉල්ලීම සිදුකොට ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය ටැනී සන්ග්‍රැට් පවසා තිබේ.

2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති කර ගත් එකඟතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවකාශ සැලසේ.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට සහ දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන රැකවරණයක් සඳහා ඉල්ලීමක් කර නොමැති බව ද තායිලන්ත විදේශ අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now