SKIP TO MAIN CONTENT

Breaking News: ඡන්ද 6,924,255 ක් ලබා ගෝඨාභය ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපති ලෙස නිල වශයෙන් නම් කරයි

Gotabhaya
Gotabhaya Rajapaksa Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා අටවන ජනාධිපතිවරණය සඳහා පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද 6,924,255 සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ අවසන් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරියේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මීට සුළු මොහොතකට පෙර ඒ බව නිවේදනය කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 5,564,239 ක් ලබාගැනීමට සමත්ව විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now