කුණු කන්ද අනතුරේ වගකීම රජය බාරගනී.

Meethotamull garbage dump

Source: Daily Mirror

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ පැමිණි එකක් වුවද පසුගියදා සිදුවූ අනතුරෙහි වගකීම රජය සම්පූර්ණයෙන් භාරගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

දැනට පවතින තත්ත්වය නිරාකරණය කිරීමට ද රජය කඩිනමින් පියවර ගන්නා බවත් කුණු කන්ද නායයෑමෙන් අවතැන් වූ පවුල්වලට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ නිවාස 60ක් මේ වන විටත් වෙන්කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

තවත් පවුල් 38ක් සඳහා එළඹෙන ජුනි 1 වැනිදා වන විට නිවාස ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

ඔවුන්ට වන්දි ලබාදීම සීමාවකින් තොරව තක්සේරු අනුවම සිදුකරන බව පැවසු  ඇමැතිවරයා කුණුකන්ද කඩිනමින් ප්‍රතිචක්‍රිකරණය කරන බවද ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (19/04) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණ ගත් බවද සඳහන් කළේය.

කරදියාන ප්‍රදේශවාසීහු කුණු ප්‍රතික්ෂේප කරති, කුණු ලොරි හරවා යවති.

කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොළඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19/04) විරෝධතාවයේ නිරත වුහ.

 

කොළඹ සිට පැමිණි කුණු ලොරි  අටක් ඔවුහු යළි පිටත් කර යැවූ බවද සඳහන්.

කරදියාන කසල අංගනයට ඇතුළුවන ස්ථානයේ විරෝධතාකරුවෝ 300- 400ක් පමණ රැඳී සිටින බවත් ප්‍රදේශය අවට පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now