කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රැකියා තවදුරටත් පවත්වා ගැනීමට රජය විසින් ව්‍යාපාර වලට සති 2කට ඩොලර් 1500ක ආධාරයක් ලබා දේ (SBS සිංහල/ වාර්තා )

g

Source: AAP

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඕස්ට්‍රේලියානුවන් මිලියන 6කගේ පමණ වැටුප් සහනාධාර ලබා දීම සදහා ඩොලර් බිලියන 130ක් වෙන් කොට තිබේ. මෙය ඉදිරි මාස 6 තුල ලබා දෙන අතර මෙම සති 2 කට ලබා දෙන එක සේවකයෙකු සදහා ඩොලර් 1500 ක දීමනාව සිය සාමාන්‍ය ආදායමෙන් 30%ක් පමණ ආදායම් අඩු වූ සමාගම් වල සේවකයින්ගේ වැටුප් ලබා දීම සදහා ලබා දේ.

ඒ අනුව එම සේවකයන් එම සමාගමේ රැකියා කරන්නෙකු ලෙස තබා ගැනීමේ අවස්තාව ලැබේ.

Job Keeper Allowance යනුවෙන් හැඳින්වෙන මෙම දීමනාව මාර්තු 1 වැනිදා සිට රැකියා අහිමි වුවන් සදහා ලැබෙන අතර එම රැකියා ස්ථාන වලට අග්‍රාමාත්‍ය Scott Morrison අද දින ප්‍රකාශ කලේ මෙම දීමනාව ලබා දී , මෙම වසංගත තත්වය නිසා පනවා ඇති තහනම ඉවත් වන විට පුර්ණ කාලීන සේවකයින්ට නැවත ඔවුන්ගේ රැකියා ලබා දෙන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ මීට පෙර කිසිදු රජයක් නොගත් තීරණයක් ගත්  බවත් මේ අවස්ථාවේ වයිරසයට එරෙහි සටනටත් ආර්ථිකය  කඩා වැටීමේ සටනටත් මුහුණ දීමට සිදු වී ඇති නිසා මෙවන් සහනයක් ලබා දීමට තීරණය කල බවයි.

 මෙම ඩොලර් බිලියන 130ක මුදල ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය විසින් පාලනය කෙරෙනු ඇති අතර මීට පෙර ලබා දුන් ඩොලර් බිලියන 70ක් මෙමගින් එක් වනු ඇති. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ සමහරු මෙය ඉතා සුළු දීමනාවක් බවටත් තවත් සමහරු මෙය ඉතා වැඩි දීමනාවක් ලෙස පැවසුවත් , සියලු දෙනාම මේ අවස්ථාවේ එක්ව කටයුතු කල යුතු බවයි.

මෙම දීමනාව පුර්ණ කාලීන , අර්ධ කාලීන , තනි වෙළෙන්දන් (sole trader) හා මාස 12ක් සේවයේ යෙදුනු අනියම් (casual) සේවකයින්ට ඔවුන්ගේ සාමාන්‍ය වැටුප හා ඔවුන්ගේ තනතුර කුමක් වුවත් මෙම දීමනාව ලබා ගත හැකි වේ. සියලු සේවකයන්ට මෙම දීමනාව සමාන වේ. එසේම ඕස්ට්‍රේලියාවේ සේවය කරන නවසීලන්ත ජාතිකයන්ටද , ඕස්ට්‍රේලියානු සුබ සාධන දීමනා නොලැබේ නම් , මෙම දීමනා ලබා ගත හැකි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg මහතා පවසන්නේ මෙම දීමනාව ඕස්ට්‍රේලියාවේ මාධ්‍යන පුර්ණ කාලීන වැටුපෙන් 70%ක් වන බවත්, සිල්ලර වෙලදාම් , අවන්හල් හා සංචාරක කර්මාන්තයේ සාමාන්‍ය වැටුපෙන් 100%ක් ම පමණ මෙම දීමනාව මගින් ආවරණය වන බවයි.

මේ පිලිබදව අදහස් දැක්වූ කම්කරු පක්ෂයේ චායා භාණ්ඩාගාරික Jim Chalmers ප්‍රකාශ කලේ රැකියා දිගටම පවත්වා ගැනීමට අනියම් සේවකයින්ටද මෙම දීමනා ලැබීම අත්‍යවශ්‍ය බවයි.

මෙම පනත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව නැවත කැදවනු ලබන අතර මෙම දීමනා මැයි මස සිට ව්‍යාපාර වලට ලැබුනද ඒවා මාර්තු මස සිට බලපාන ගෙවීම් වනු ඇත.

Source: SBS News


Share

2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රැකියා තවදුරටත් පවත්වා ගැනීමට රජය විසින් ව්‍යාපාර වලට සති 2කට ඩොලර් 1500ක ආධාරයක් ලබා දේ (SBS සිංහල/ වාර්තා ) | SBS Sinhala