SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානුවන් චීනයේ වුහාන් සිට නැවත ඒමේදී ඔවුන්ගෙන් ගුවන් ගමන් ගාස්තු අය කර ගැනීමේ අදහස ඕස්ට්‍රේලියානු රජය වෙනස් කර ගනී (SBS සිංහල/ වාර්තා) (SBS සිංහල/ වාර්තා )

h
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

චීනයේ වුහාන් හි සිර වී සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සදහා මීට පෙර ඩොලර් 1000ක් එක් අයෙකුගෙන් අය කර ගන්න බවට ඕස්ට්‍රේලියානු රජය පැවසුවත් රජය දැන් එම තීරණය වෙනස් කොට තිබේ. ඕස්ට්‍රේලියානු රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg පැවසුවේ මීට පෙර විදේශ කටයුතු අමාත්යංශය මීට පෙර නිකුත් කල තොරතුරු වල වැරද්දකින් එසේ නිවේදනය කර තිබු බවයි.

Frydenberg මහතා ABC නාලිකාව වෙත ප්‍රකාශ කලේ මීට පෙර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ඊජිප්තුවේ කයිරෝ නුවරින් ජනතාව ඉවත් කිරීමේදී එවන් මුදලක් අය කිරීම සිදුවූ නිසා එය සාමාන්යෙන් සිදු වන බවයි. නමුත් මේ අවස්ථාවේ එය සිදු නොවන බවත් එය වැරදි තොරතුරක් බවත් ඔහු පවසා තිබේ.

නමුත් ඊට පෙර ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ප්‍රකාශ කලේ මෙය සුවිශේෂී ගුවන් යානයක් නිසා ඒ සදහා යම් මුදලක් ඕස්ට්‍රේලියානු මහජන බදු මුදලින් ගෙවන නිසා එයින් කොටසක් මෙම පුද්ගලයින් විසින් දැරීම වැරද්දක් නොවන බව.

එසේම අග්‍රාමාත්‍ය Morrison ප්‍රකාශ කර ඇත්තේ චීනය පසු කල හෝ චීනයේ සිට පැමිණෙන සියලු විදේශිකයන් ඔස්ට්‍රේලියාවට ඇතුල් කර නොගන්නා බවයි. නමුත් ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, ඔවුන්ගෙන් යැපෙන්නන් හෝ භාරකාරයින් මෙම තහනමට ලක් නොවන බවයි ඔහු පවසන්නේ.

එසේම චීනයේ ඕනෑම පලාතක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් දින 14ක් සමාජයට මුසු නොවී සිටිය යුතු බවටද අවවාද කොට ඇත.

එසේම ගුවන් තොටුපොල වල මෙම කොරෝනා වයිරසය පැතිරීම වැලක්වීමට සියලු සේවකයින් යුහුසුළුව ක්‍රියා කරන බවද අමාතාය Dutton පවසා ඇත. ඉරිදා (2 Feb) උදේ 6 සිට ආරම්භ වූ screening වැඩසටහන් අනුව ගුවන් තොටුපොළට පැමිණෙන පුදගලයනට මුව ආවරණ ලබා දීම හා ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මන බැලීම සිදු වනු ඇත.

එමගින් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව පිලිබදව හැකි සියලු කටයුතු සිදු කරන බව අමාත්යවරයා පවසනවා. මේ අතර ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාධිත 12 වැනි පුද්ගලයා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා.

රජය උපදෙස් දෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ට චීනයට සංචාරය නොකරන ලෙසයි.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු Image

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now