SKIP TO MAIN CONTENT

චීනයේ වුහාන් හි සිර වී සිටින ඕස්ට්‍රේලියානු පාසල් සිසුන් 100ක් පමණ නැවත ගෙන්වා ගැනීමට රජය සුදානම් වෙයි (SBS සිංහල / වාර්තා)

coronavirus, myths
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

මේ වන විට මාරාන්තික කොරෝනා වයිරසය නිසා චීනයේ සිරවී  සිටින ඕස්ට්‍රේලියානුවන් හරිහැටි කෙතරම්  ප්‍රමාණයක් ඇත්දැයි ඕස්ට්‍රේලියානු රජය මේ වන විට සොයමින් සිටී. ඔවුන් සියලු දෙනා නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට රජය චීන බලධාරීන් සමග සාකච්චා කරන බවට විදේශ අමාත්‍ය  Marise Payne ප්‍රකාශ කොට ඇත.

දැනට Hubei ප්‍රාන්තයට ඇතුල් වීම හෝ ඉවත් වීම තහනම් කොට ඇතත් විදේශිකයන්ට මේ සදහා විශේෂ අවස්තාවක් ලබා දේ දැයි රජය චීනයෙන් විමසා ඇති බවට වාර්තා වේ.

එසේම අමාත්‍යවරිය පවසන්නේ Beijing හි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයත්, Shanghai හි කොන්සල් කාර්යාලයත් මෙහිදී ඔස්ට්‍රේලියාවට කුමන ආකාරයේ  සහයක් ලබා දීමට හැකි දැයි චීන බලධාරීන් සමග සාකච්චා කරන බවයි.

මේ වන විට චීනයේ 82 දෙනෙකු මේ රෝගය නිසා මිය ගොස් තිබේ. ආසාධිත සංඛ්‍යාව 2000ට වැඩි බවද සදහන්.

එසේම  ඔස්ට්‍රේලියාව තුල  ආසාධිත රෝගීන් 5ක් හමුවී ඇත. සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කර ඇත්තේ තම දෙමාපියන් සමග පාසල් නිවාඩුවට චීනයට ගිය පාසල් දරුවන් 100ක් පමණ වුහාන් හි සිර වී ඇති බවයි. ඔහු ABC ගුවන් විදුලියට ප්‍රකාශ කලේ ඔවුන්ගේ ආරක්ෂාව පිලිබදව කටයුතු කිරීමටත් ඔවුන් ආපසු ගෙන්වා ගැනීමටත් කටයුතු කරන බවයි.

ඇමෙරිකාව කොන්සල් සේවකයන් ඉවත් කර ගනී

මේ වන විට ඇමෙරිකාව විසින් විශේෂ ගුවන් යානයකින් ඔවුන්ගේ කොන්සල් සේවකයින් ඉවත් කල ලෙසට ඕස්ට්‍රේලියාවද කටයුතු කල යුතු බවද බොහෝ දෙනා පවසයි. අමාත්‍ය Hunt පවසන්නේ එය සලකා බලන බවත් දැනට වුහාන් හි සිටින ජනයාගේ සුභසාධනය පිළිබද වැඩිපුර කටයුතු කරන බවයි.

අමෙරිකානුවන්ද 1000ක් පමණ වුහාන් හි සිටියද ඔවුන් සියලු දෙනාට  එම ගුවන් යානයේ ඉඩ නොමැති බවද සදහන්. ඒ නිසා වයිරසයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි පුද්ගලයින් ඒ සදහා තෝරා ගන්නා බවද සදහන්

එසේම ප්‍රංශය බස් රථයක් මගින් Hubei ප්‍රාන්තයේ සිටින ප්‍රංශ ජාතිකයන් ඉවත් කිරීමට ද  , ප්‍රංශ මෝටර් රථ සමාගමක් වන PSA ඒ සදහා ආධාර ලබා දෙනු ඇති. මේ අතර දකුනු කොරියාව  හා ජපානයද එසේ තම රට වාසීන් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී. 

එසේම සිංගප්පුරුවේ වුහාන් හි සිට පැමිණි ගුවන් යානයක මගීන් හා සේවකයින්ද නිරෝධනයට යොදවා ඇත.

ශ්‍රී ලංකාවද චීනයේ සිටි සිසුන් පනහක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඊයේ කටයුතු කර තිබුණි.

Source:SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now