SKIP TO MAIN CONTENT

සයිටම් තනි අයිතිය අහෝසියි.

SAITM
Source: SAITM

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත්කරන බවද ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පෙරේදා (20/04)  පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.

මේ අතර මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නේ යැයිද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now