SKIP TO MAIN CONTENT

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභාවේ බහුතර බලය පෙන්වීමට සිදු වෙයි.

Sri Lanka politics
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වනැයි දැනුම් දීමට පියවර ගන්නා බව  උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

 

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු  විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව බාර දෙනු ලැබී විශ්වාශභංග  යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමක දී ආණ්ඩුකාරවරයා මේ බව කියා පැවසීය.

 

ඒ අනුව ඉදිරියේදී අදාළ විශ්වාශ භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ අත්සන් තහවුරු කර ගැනීම ක්‍රියාවලිය සිදු කිරීමටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට සහය පළ කරමින් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබේ.

මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඊයේ ඊට අත්සන් තබා ඇති අතර, තවත් මන්ත්‍රීවරයෙකු මහ ඇමතිවරයාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ද වාර්තා වේ.

දුෂණ චෝදනා මත උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එම ධුරවලින් ඉවත් වන ලෙස දැන්වීම සහ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා මසක කාලයක් අනිවාර්ය නිවාඩු ගැන්වීමට  ප්‍රධාන අමාත්‍යවරයා ගත් තීරණය මෙම ගැටලූවේ ආරම්භය ලෙස සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now