පදක්කම් විකුණන්න බැරි ලෙස නීති හදන බවට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්.

Sports

Source: Daily News

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බව කී ඇමැතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවද සඳහන් කළේය.

ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: Daily Mirror

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service