SKIP TO MAIN CONTENT

වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වෙත ලබාදෙන සාමාන්‍ය වෛද්‍ය සේවාවන් අඩු කිරීමේ සුදානමක් (SBS සිංහල/වාර්තා)

Aged Care Quality and Safety Commission to be launched in 2019
Source: AAP

2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

නිසි ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් සැලකිය යුතු සාමාන්‍ය වෛද්‍ය වරුන් (GPs) පිරිසක් වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වෙත ගොස් ලබාදෙන සේවාවන් කපාදැමීමට සුදානම් වන බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය මගින් සිදු කල සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ. සෑම වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක්ම මෙලෙස තම සේවාවන් නතර කිරීමට සුදානම් වන බව මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

 

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Tony Bartone පවසන්නේ වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත ගැටළු මැතිවරණය තුල සාකච්චාවට ලක්වන කාරණයක් බවට පත්විය යුතු බවයි. ෆෙඩරල් අයවැයෙන් අදාල කේෂ්ත්‍රය සදහා ඩොලර් බිලියන 1.6ක ප්‍රතිපාදන  වෙන් කර ඇති බව ඔහු මෙහිදී සදහන් කළේය.

උපදෙස් සහ විමර්ශන වෙනුවට විසදුම් ක්‍රියාවට නැංවීම වැදගත්

National Press Club හිදී පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වෛද්‍ය Tony Bartone සදහන් කලේ අනෙක් වයස් කාණ්ඩවල පසුවන අයට සාපේක්ෂව වයස්ගත ප්‍රජාව සදහා සැපයෙන වෛද්‍ය පහසුකම් වල අඩුවක් දක්නට ලැබෙන බවයි. ඕස්ට්‍රේලියානු වයස්ගත ප්‍රජාව සංකීර්ණ නිදන්ගත රෝග වලට ගරු වීම වැඩි වත්ම මෙම පරතරයද වැඩි වනු ඇති බව ඔහු අවධාරණය කරයි.  මේ සම්බන්දයෙන් විවිධ උපදේශන ව්‍යපෘති සහ විමර්ශන පසුගිය වකවානුව දක්නට ලැබුණු බවත් ඒවා ක්‍රියාවට නැංවීමට කාලය එලඔ ඇති බවත් ඔහු පවසනවා.  මේ සදහා අවශ්‍ය පියවර ගැනීම ප්‍රමාද කිරීම ඕස්ට්‍රේලියානු වයස්ගත ප්‍රජාවට සිදු කරන අසාධාරණයක් බව වෛද්‍ය Tony Bartoneගේ මතය වී තිබේ.

 

 

සාමාන්‍ය වෛද්‍ය වරුන් විසින් වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන සදහා ලබාදෙන සේවාවන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම මගින් ගිලන් රථ සදහා වැය කරන මුදල් ඉතිරි කරගත හැකි වනු ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙහිදී වෛද්‍යවරුන් රෝගීන් සමග ගත කරන කාලය අදාල රෝග තත්වය පරික්ෂා කිරීමට ප්‍රමාණවත් කාලයක් වීම වැදගත් බවත්, එය Medicare rebates වැඩසටහන යටතේ ආවරණය වන පරිදි ප්‍රතිපාදන සැපයීම වැදගත් බවත් ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපතිවරයා පෙන්වා දී තිබේ.

යල් පැනගිය දත්ත

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වන භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පවසන්නේ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය මගින් සිදු කල මෙම සමීක්ෂණය ෆෙඩරල් රජය වැඩිහිටි සුරැකුම් කේෂ්ත්‍රයට ප්‍රතිපාදන ලබාදීමට පෙර සිදු කල සමීක්ෂණයක් බවයි. ඒ නිසා එහි දත්ත යල් පැනගිය දත්ත බව ඔහු වැඩි දුරටත් සදහ කරයි. තවද මෙම කේෂ්ත්‍රයේ උන්නතිය සදහා පසුගිය වකවානුව තුල රජය විවිධ පියවර ගෙන ඇති බවත් තවත් පියවර රැසක් ගත යුතුව ඇති බවත් ඔහු මෙහිදී සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now