SKIP TO MAIN CONTENT

රෝගී තත්වයන් පාලනයට ඖෂධ සේම ව්‍යායාම නිර්දේශ කිරීමත් වැදගත් - පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි (SBS සිංහල / වාර්තා )

A file image of joggers in Melbourne
Experts say doctors are not prescribing enough exercise as medicine despite all its benefits. (AAP) Source: AAP

2 min read

Published



Skip to article content

ව්‍යායාම  මිනිස් ශරීරයේ යහ පැවැත්මට හේතු වුවත් වෛද්‍යවරුන් විවිධ රෝගී තත්වයන් සදහා ව්‍යායාම නිර්දේශ කිරීමේදී පසුගාමී ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බව අධ්‍යන වාර්තාවක් පෙන්වා දී තිබේ. Medical Journal of Australia වෙත විශේෂ පර්යේෂණ ලිපියක් සපයමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Anita Green මේ බව සදහ කර තිබේ. විශේෂයෙන් වෛද්‍යවරුන් ලෙඩ රෝග සදහා විවිධ ඖෂධ නිර්දේශ (prescribe) කලත් ව්‍යායාම නිර්දේශ කිරීම දක්නට නොලැබෙන බව ඇය  පෙන්වා දෙන කාරණයක්.

තවද විවිධ ලෙඩ රෝග වලට එරෙහිව සටන් කිරීමේදී,  ව්‍යායාම  මගින් සිදුවන මෙහෙය ඇති මහත් බව වෛද්‍ය  Anita Green සදහන් කරයි.

යමෙකු උපදේශන සේවාවන් සදහා වෛද්‍යවරුන් හමුවන විට, ඔවුන් දුම් පානය කරන ආකාරය, මධ්‍යසාර භාවිත කරන ආකාරය පිළිබද විමසනවා සේම ව්‍යායාම සිදුකරන ආකාරය පිලිබදවත් විමසා බැලිය යුතු බව ඇයගේ  මතය වී තිබේ.

දැනට සිදු කර ඇති පර්යේෂණ වලින් හෙළි වී ඇති ආකාරයට මානසික සෞඛ්‍යය වර්ධනයට, දියවැඩියාව  රෝගය මැඩලීමට, dementia රෝග තත්වය පාලනයට සහ හදවත් රෝග පාලනයට  ව්‍යායාම උපකාරී වන බවත්, ඒ පිලිබදව වෛද්‍යවරුන්ට මතක් කරදීමට තමන් මෙය අවස්ථාවක් කරගන්නා  බවත් වෛද්‍ය  Anita Green ඇතුළු පර්යේෂණ කණ්ඩායම සදහන් කරයි.

දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව  සහ මානසික ආතතිය වැනි රෝගී තත්ව සදහා  ලබාදෙන  ඖෂධ සේම  ව්‍යායාමද ඵලදායී  ප්‍රතිපල අතකරදෙන බව වෛද්‍ය  Anita Green සහ ඇයගේ  පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන කාරණයක්.

ශාරීරික ක්‍රියාකාරකම් වල අඩුබව සහ නිදන්ගත රෝග අතර සෘජු සම්බන්දයක් ඇති බව ඔප්පු කිරීමට ඇති පර්යේෂණ දත්ත අවම වීමද මෙම වාර්තාව පෙන්වා දෙන කාරණයක්.

රෝගීන් සදහා ව්‍යායාම නිර්දේශ කිරීම පිලිබදව වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය, ඒ පිලිබදව පවතින සැක  සහිත තත්වයන් දුරුකිරීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය මෙහිදී වැදගත් කරුණු ලෙස වෛද්‍ය  Anita Green ඇතුළු පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී තිබේ. වෛද්‍ය  Anita Green, වෛද්‍ය Craig Engstrom සහ වෛද්‍ය Peter Friis විසින් මෙම පර්යේෂණ වාර්තාවට දායකත්වය ලබාදී ඇති බව සදහන්.

අස්ථායි හෝ විවිධ නිදන්ගත රෝග වලින් පීඩා  විදින අය, සතියකදී සාමාන්‍ය මට්ටමේ සිට තීව්‍ර  මට්ටම දක්වාවූ ව්‍යායාම වල විනාඩි 150ක් නිරතවීමට වෛද්‍යවරුන් ඔවුන් දිරිමත් කල යුතු බවත් අදාල රෝගීන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීම  වැදගත් බවත් මේ පර්යේෂකයින් මෙහිදී පෙන්වා දෙන වැදගත් කාරණයක්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now