SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව පුරා නිවාස කුලිය දෙවසරක් වැඩි නොකරන නීති ගෙනඒමට ග්‍රීන්ස් පක්ෂයෙන් යෝජනාවක් (SBS සිංහල/ වාර්තා)

කිසිදු පදනමක් නොමැතිව grounds evictions හෙවත් කුලී නිවාසවලින් කුලී නිවැසියන් ඉවත් කිරීම් අවසන් කිරීමට ද ග්‍රීන්ස් පක්ෂයට අවශ්‍ය වී තිබේ.

The rooftops of houses.
Greens are calling for a nationwide two-year rent freeze Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS, AAP



Skip to article content

Key Points

  • ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය වැඩි නොකර වසර දෙකක් පවතින අගයේම තබාගත යුතු බවට ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටී.
  • මෙම අත්හිටවීම අවසන් වූ පසු සෑම මාස 24 කට වරක්ම නිවාස කුලිය ඉහළ දැමීම උපරිමව 2% දක්වා තැබිය යුතු බව ද ඔවුන් පවසයි.
  • ග්‍රීන්ස් පක්ෂයේ මෙම යෝජනාව මධ්‍යම රජය සක්‍රීයව සලකා නොබලන බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසීය.

ඉහළ යන ජීවන වියදම හමුවේ උපයා ගන්නා ආදායම ප්‍රමාණවත් කරගැනීමට ඉඩ සලසා දීම සඳහා ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාසවල කුලී මුදල් වැඩි නොකර වසර දෙකක් පවතින අගයේම තබාගත යුතු බවට ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටී.

මෙම දෙවසරක කුලී වැඩි කිරීමේ ක්‍රියාව අත්හිටවීම අවසන් වූ පසු සෑම මාස 24 කට වරක්ම නිවාස කුලිය ඉහළ දැමීම උපරිමව 2% දක්වා තැබිය යුතු බව ද ග්‍රීන්ස් පක්ෂය පවසයි.

කිසිදු පදනමක් නොමැතිව grounds evictions හෙවත් කුලී නිවාසවලින් කුලී නිවැසියන් ඉවත් කිරීම් අවසන් කිරීමට ද ග්‍රීන්ස් පක්ෂයට අවශ්‍ය වී තිබේ.

ස්ථාවර කාලීන කල්බදු ගිවිසුම අවසන්වීම සහ කුලී දේපල අවම ප්‍රමිතීන්ට හෝ අනුව පවත්වාගෙන නොයාම යන හේතුවලින් බැහැරව හේතුවක් නොමැතිව කුලී නිවාස හිමියන් ට කුලී නිවැසියන්ව අදාළ නිවාසයෙන් ඉවත් කිරීම ඒ හරහා නවත්වනු ඇත.

"නිවාස කුලී පාලනයෙන් තොරයි, ඔස්ට්‍රේලියානු කුලී නිවැසියන් මිලියන ගණනක් කුලිය ගෙවීමේදී දැඩි ගැටලුවලට මුහුණ දෙයි, රජයට තවත් අමතර පවුල් සිය මෝටර් රථවල නිදා සිටිනු දැකීමට අවශ්‍ය නොවන්නේ නම්, ඔවුන් තම කාර්යය ඉටු කළ යුතු අතර, මෙම අර්බුදය ජාතික ඛේදවාචකයක් බවට පත් වීම නැවැත්වීමට දැන්ම ක්‍රියා කළ යුතුයි." යනුවෙන් නිවාස කටයුතු පිළිබඳ ග්‍රීන්ස් පක්ෂයේ නියෝජිත Max Chandler-Mather පැවසීය.

මෙම යෝජනාව නිසා මේ දශකය අවසන් වන විට නිවාස කුලීයට සමගාමීව එය දැරිය හැකිවන පරිදි වැටුප් වැඩි වනු ඇති බව ග්‍රීන්ස් පක්ෂය පැවසීය.

vacancy levy හෙවත් පුරප්පාඩු බද්දක් හඳුන්වාදීම, negative gearing නැවත්වීම හා ප්‍රාග්ධන ලාභ නිදහස් කිරීම් ඉවත් කිරීම සහ බහුලව public සහ social නිවාස ගොඩනැගීම වැනි ක්‍රියාමාර්ග සමග නිවාස කුලී පාලනය, දැරිය හැකි මට්ටමේ නිවාස ලබාගැනීමේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ගයක කොටසක් ලෙස සැලකිය යුතු බව Max Chandler-Mather පැවසීය.

A man speaking.
The Australian Greens housing spokesman Max Chandler-Mather. The party wants to see rent increases capped at two per cent every 24 months once the two-year suspension lapses. Source: AAP / Mick Tsikas

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිචාරය

ග්‍රීන්ස් පක්ෂය විසින් කරන ලද මෙම යෝජනාව මධ්‍යම රජය සක්‍රීයව සලකා නොබලන බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

උද්ධමන ගැටලුවේ ප්‍රධාන කොටසක් ලෙස අහස උසට යන නිවාස කුලිය හැඳින්විය හැකි බව ඔහු සඳහන් කළේය.

ඒ අතර ප්‍රාදේශීය ප්‍රදේශවල සේවා යෝජකයින්, එම ප්‍රදේශවල පුරප්පාඩු කුලී නිවාස නොමැතිකම නිසා තම සමාගම් වෙත සහ ආයතන වෙත කාර්ය මණ්ඩලය ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බවද ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නිවාස අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා නිවාස සැපයුම ඉහළ නැංවීම කෙරෙහි මධ්‍යම රජය අවධානය යොමු කරන බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැහැදිලි කළේය.

“අපිට Housing Australia අනාගත අරමුදල තිබෙන්නේ ඒ නිසයි, එය ඩාත් දැරිය හැකි නිවාස ඉදිකරමින් සිටී, තවත් නිවාස ඉදිකර ගැනීමට හැකිදැයි බැලීම සඳහා මම super ක්ෂේත්‍රය සහ ප්‍රාන්ත සමඟ කටයුතු කරමින් සිටිනවා." යනුවෙන් ද භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

ඔස්ට්‍රේලියාව පුරාම නිවාස කුලිය ඉහළ දැමීමට නොදී එය එකම අගයක තබාගැනීම ප්‍රායෝගිකව කරන්නේ කෙසේදැයි අගමැති Anthony Albanese ගැටළු මතුකරයි.

ග්‍රීන්ස් පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම නිවාස කුලී පාලන ප්‍රතිපත්ති නව නිවාස සැපයුම සීමා කිරීමේ අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now