!!..ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - ළමා සුරැකුම් වර්ධනයට ග්‍රීන්ස් පක්ෂයෙන් ඩොලර් මිලයන 370ක අමතර මුදලක්

මෙයට අනුව වසරකට ඩොලර් 65,000කට වඩා අඩු ආදායමක් ලබන පවුල් සඳහා, පවුල් විසින් දරන ළමා සුරැකුම් වියදමින් 85%ක් ආවරණ කෙරේ.

Australian Greens Leader Dr Richard Di Natale (left) and Greens Senator Sarah Hanson-Young address the media in St Kilda in the federal seat of Melbourne Ports in Melbourne, Monday, May 16, 2016. (AAP Image/Julian Smith) NO ARCHIVING

Australian Greens Leader Dr Richard Di Natale (left) and Greens Senator Sarah Hanson-Young Source: AAP

ඔස්ට්‍රේලියානු ග්‍රීන්ස් පක්ෂය ළමා සුරැකුම් ක්ෂේත්‍රය සඳහා තම ප්‍රතිපත්ති ඊයේ එළි දැක්වීය. අවම වශයෙන් සතියකට පැය 24ක්වත් දරුවන් රැක බලාගැනීම සඳහා සහය වීමට මෙම ප්‍රතිපත්ති වලින් ඔවුන් අපේක්ෂා කරයි.

නව ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසරකට ඩොලර් 65,000කට වඩා අඩු ආදායමක් ලබන පවුල් සඳහා, පවුල් විසින් දරන ළමා සුරැකුම් වියදමින් 85%ක් ආවරණ කෙරේ. නමුත් වසරකට ඩොලර් 340,000කට වඩා වැඩි ආදයමක් ලබන පවුල්, තම ළමා සුරැකුම් වියදමින් 80%ක් ගෙවිය යුතු බවද එහි අඩංගුය.

ග්‍රීන්ස් පක්ෂයේ ළමා සුරැකුම් ක්ෂේත්‍රය පිළිබඳ නියෝජිතවරිය වන සරා හෑන්ස් යන්ග් පවසන්නේ, වසරකට මෙම වෙනස්කම් සඳහා රජය විසින් අය වැයේ  වෙන් කළ ඩොලර් බිලියන 3ට අමතරව තවත් මිලියන 370ක් පමණ වැය වන බවයි.

මෙම නව ප්‍රත්පතිය මගින් දෙමාපියන්ට තම මාසික ආදායමට බල නොපාන ආකාරයට සතියට දින දෙක තුනක් තම දරුවාව ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අවස්ථාව හිමිවන බවද ඇය කියා සිටියේය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now