ග්‍රීන්ස් පක්ෂය රජයේ රෝහල් සඳහා අමතර ඩොලර් බිලියන 1.1ක් ලබා දීමද රජයේ medicare ප්‍රතිලාභ සීමා කිරීම නවතන බවටද පවසයි
ග්‍රීන්ස් නායක Richard Di Natale විසින් මෙම අමතර ඩොලර් බිලියන 1.1ක් රෝහල් වලට ලබා දීම පිළිබඳව ලබන සතියේ දී Goulburn හිදී ප්‍රකාශ කිරීමට නියමිතයි
ඒ අනුව ප්‍රාන්ත රෝහල් වලට රජය විසින් ලබා දීමට නියමිත ඩොලර් 2.9ට අමතරව මෙම දීමනාව එක්වනු ඇත
මෙම යෝජනා ක්‍රියාත්මක වුව හොත් ප්‍රාන්ත රෝහල් වලට අවසර 2020 වන විට අමතර ඩොලර් බිලියන 4ක් ලැබෙනු ඇත.
එසේම GP වැනි සේවා සදහා වන medicare ප්‍රතිලාභ සීමා කිරීම නවතා ඒ සඳහා ඩොලර් බිලියන 2.4ක් වෙන් කිරීමටද ඔවුන් යෝජනා කරයි
ලබන ජනවාරි 1 වැනිදා සිට medicare ප්‍රතිලාභ සීමා කිරීම නවතා දමන බවට කම්කරු පක්ෂයද පවසා තිබේ
වසර 2011 දී එවකට කම්කරු රජය විසින් ප්‍රාන්ත රෝහල් සඳහා ආදාර කිරීමේ එකඟතාවය ටම ග්‍රීන්ස් පක්ෂය ද එක්වීමට තීරණය කොට තිබේ
Malcolm Turnbull සහ Bill Shorten යන දෙදෙනාටම සෞඛ්‍ය සේවය නගා සිටුවීමට නොහැකී බවට ද Richard Di Natale පවසයි.
රෝහල් වල හරිහැටි සේවා නොමැති හා සේවා ප්‍රමාණවත් නොවන විට රෝගීන් පීඩා විඳින බවත් ඔහු පවසනවා.
රජය විසින් රෝහල් වල සංවර්ධනයට 45%ක් දක්වා ප්‍රතිපාදන ලබා දෙන බවට පැවසුවද එය 50%ක් විය යුතු බවට සෙනට් සභික Natale පවසනවා
රජයට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවය රක ගැනීමට නොහැකි වුව හොත් එය ඉතා කනගාටුදායක බවත් ඔහු පවසනවා
මෙම අමතර ඩොලර් බිලියන 1.1න් නිව් සවුත් වේල්ස් මිලියන $358.5ද, ක්වීන්ස්ලන්තය ට මිලියන $213 ද, වික්ටෝරියා මිලොයන $269.7ක්ද බටහිර ඔස්ට්‍රේලියාවට මිලියන $134.3, දකුණු ඔස්ට්‍රේලියාවට මිලියන $88.4ක් ද ,ටස්මෙනියාවට මිලියන $23.5ක්ද කැන්බරා මිලියන $41ක්ද Northern Territory ට මිලියන $17.8ද වෙන් කිරීමට යෝජිතයි

