SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” ග්‍රීන්ස් පක්ෂය පහල මන්ත්‍රණ සභාවට ආසන කිහිපයක් දිනාගැනීමට බලාපොරොත්තු වේ

Australian Greens Treasury spokesperson and Federal member for Melbourne Adam Bandt is seen during a Uni Cuts Rally in Melbourne, Wednesday, May 11, 2016. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING
during a Uni Cuts Rally in Melbourne, Wednesday, May 11, 2016. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ලබන සෙනසුරාදා පැවැත්වෙන මැතිවරණයෙන් පසු Adam Bandt පහල මන්ත්‍රණ සභාවේ එකම ග්‍රීන්ස් පක්ෂ නියෝජිතයා නොවනු ඇති බවයි ඔහු බලා පොරොත්තු වන්නේ. ග්‍රීන්ස් පක්ෂයේ බලා පොරොත්තුව පහල මන්ත්‍රණ සභාවේ ආසන කිහිපයක් ලබා ගැනීමට. ග්‍රීන්ස් නායක Richard Di  Natale මැතිවරණ ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරමින් මෙල්බන් හි දී  ප්‍රකාශ කර සිටියේ ග්‍රීන්ස් පක්ෂය පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා 2හිම නියෝජනයක් ලබා ගනු ඇති බවයි 

මෙවර ආසන 2-3ක් වත් වැඩි පුර බලා පොරොත්තු වන බවත්, එසේ නොමැති නම් මීළඟ මැතිවරණයේදීවත් එසේ වනු ඇති බව ඔහු පවසනවා. ග්‍රීන්ස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු සෙනට් සභික Bob Brown පවසන්නේ වත්මන් ග්‍රීන්ස් පාර්ලිමේන්තු කණ්ඩායමට පරිසර හා සමාජ ප්‍රතිපත්ති පිලිබඳ හොඳ තිලනයක් ඇති බවයි. Hung Parliament නම් කිසිදු පක්ෂයකට වැඩි බලයක් නොමැති අවස්තාවක් ඇති වුව හොත් ග්‍රීන්ස් පක්ෂය තරඟකාරී ලෙස කතිකා කරනු ඇති ඔහු පවසනවා. 

කම්කරු හා සන්ධානය යන දෙපිරිසම පවසා ඇත්තේ ඔවුන්ට අවශ්‍ය තරම් බලය නොලැබුණහොත් නැවතත් මැතිවරණයකට යන බවයි, නමුට් ග්‍රීන්ස් පක්ෂය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපලය භාර ගන්න බවයි පවසා ඇත්තේ

ග්‍රීන්ස් පක්ෂයේ නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙල්බන් හි දී ආරමභ වුනා.

ග්‍රීන්ස් නායක Richard Di Natale පවසන්නේ පක්ෂය ප්‍රතිජනය කල හැකි බලෂක්තීන්ගෙන් සමන්විත ආර්ථිකයක් ගොඩ නගන බවයි.

ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති වන්නේ , පරිසර ආරක්ෂාව, නිවාස මිලදී ගැනීමේ හැකියාව පහසු කිරීම, සම ලිංගික විවාහ පිලිබඳ පාර්ලිමේන්තු මත විමසුමක් හා රටින් පිටත සරණාගත රැඳවුම් කඳවුරු වසා දැමීමයි.

Di Natale මහතා පවසන්නේ පක්ෂයට නගරයේ අභන්තර ආසන කිහිපයක් දිනා ගැනීමේ අවස්තාව ඇති බවයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now