SKIP TO MAIN CONTENT

ජනවාරි 26 ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීමට ග්‍රීන්ස් පක්ෂයෙන් උපරිම සහය.

Greens will push Australia Day date change in 2018
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජනවාරි 26 වෙනි දිනට යෙදී තිබෙන ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීමේ වෑයමට තම පක්ෂයද සහය දෙන බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.

ජනවාරි 26 වෙනි දිනට යෙදී තිබෙන ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීමේ වැඩසටහන් ඔස්ට්‍රේලියාව පුරා ග්‍රීන්ස් පක්ෂයේ උපදේශකයින් විසින් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන් සඳහා සහහාගී වන පිරිස් අනුව තම පක්ෂයේ සම්පත් සහ තම පක්ෂයට සහය දක්වන පිරිස් පිළිබඳ අදහසක් ගත හැකි බවද ඔවුන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ පවතින විවිධත්වය එක්ව සැමරීමට සියලු ඔස්ට්‍රේලියානුවන්ට එක් සංකේතවත් දිනයක් අවශ්‍ය නමුත් ජනවාරි 26 ඊට සුදුසු දිනය නොවන බව ග්‍රීන්ස් පක්ෂයේ නායක  Richard di Natale ඊයේ පැවසීය.

1788 වසරේ ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍ය ජාතික ප්‍රථම නැව් සමූහය සිඩ්නි බොක්කට සේන්දු වීම නිමිති කරගනිමින් ජනවාරි 26 වන දින ඔස්ට්‍රේලියා දිනය ලෙස නම් කෙරුණු නමුත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශික නායකයින් ඊට දැඩි ලෙස තම විරුද්ධත්වය පළ කර සිටියි.

ජනවාරි 26 වන දිනය වෙනස්  කරන මෙන් ඔවුන් දිගින් දිගටම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට කියා සිටින අතර තවමත් මධ්‍යම රජයෙන් ඊට නිසි පිළිතුරක් ලැබී නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now