SKIP TO MAIN CONTENT

යුරෝපා පාර්ලිමේන්තුවේ GSP+ තීරුබදු සහනයට දැක්වූ විරෝධයට දැවැන්ත පරාජයක්.

GSP+
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවට GSP+ තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම ඊයේ (27/04)  පරාජයට පත්විය. 

ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි. 

ඊයේ  පැවැති ඡන්ද විමසීමේදී මෝසමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 436 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.

මෝසමට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් එහි නොවූහ.

ඒ අනුව GSP+  සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කරන යෝජනාව තවදුරටත් වලංගු වන අතර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න අවසාන වශයෙන් යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කරනු ඇත. 

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් GSP+ සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම ඉකුත් ජනවාරි (11) නිවේදනය කළේය.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීමත් සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now