SKIP TO MAIN CONTENT

දික්වැල්ල සහ ගුණතිලක ශ්‍රී ලංකාවට ජය ගෙන එයි.

Gunathilaka, Dickwella thrash Zimbabwe.
Source: espncricinfo

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී ඊයේ  (06/07)  පැවති තෙවන තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 310 ක් ලබා ගත්තේය.

සිම්බාබ්වේ පිළ වෙනුවෙන් හැමිල්ටන් මැසඩස්කා අගනා ලකුණු 111ක් ලබා සිම්බාබ්වේ පිළ ශක්තිමත් කළේය.

ජයග්‍රාහී ලකුණු 311 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගළ වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දෙමින් ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 229 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩ නැගුවෝය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 116 ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව එක්වුණු උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජය කනුව කරා ගෙන ගියේ පන්දුවාර 47 යි පන්දු 2 කදී කඩුලු 2 කට ලකුණු 312 ක් ලබා ගනිමිනි.

උපුල් තරංග නොදැවී ලකුණු 44 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලක හට හිමි විය.

මේ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2- 1 ක් ලෙස ජයගෙන තරගාවලියේ ඉදිරියෙන් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now