Gypsies සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05/09) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
සුනිල් පෙරේරා මහතා මිය යනවිට 68 වැනි වියෙහි පසු විය.
කොවිඩ් රෝගයෙන් පෙළෙමින් සිටි සුනිල් පෙරේරා මහතා මීට දින කිහිපයකට පෙර සුවය ලබා තම නිවසට පැමිණි බවද මින් පෙර වාර්තා විය.
Share

