මෑත කාලීන ඔස්ට්‍රේලියාවේ PR හිමි සංක්‍රමණිකයන්ගෙන් අඩක්ම දැන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් බව හෙළිවෙයි

ස්ථීර සංක්‍රමණිකයින් මිලියන 1.3කට ස්ථිර සංක්‍රමණිකයෙකු වීමට පෙර තාවකාලික වීසා බලපත්‍රයක් තිබී ඇති අතර බොහෝ විට එය තාවකාලික ශිෂ්‍ය වීසා බලපත්‍රයක් වී ඇති බවද මෙම දත්ත පෙන්වා දෙයි.

Australian citizenship

Half of Australia’s permanent migrants are now Australian citizens Source: AAP / AAP Dan Peled

ඔස්ට්‍රේලියාවේ මෑතකාලීන ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණිකයන් මිලියන 3 න් අඩකට වඩා (59%) ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිකරගෙන ඇති බව වාර්තා වේ.

2000 ජනවාරි 01 සිට 2021 අගෝස්තු 10 දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති ස්ථිර සංක්‍රමණිකයන් පිළිබඳව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මාර්තු 29 වන දින නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව මේ බව සඳහන්.

මෙම නවතම දත්තවලට අනුව බහුතරයක් දැන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් බවත්, Skilled වීසා බලපත්‍රයක් ලබා ඇති අය බොහෝ දුරට ඔස්ට්‍රේලියානු පුරවැසියන් වීමට ඉඩ ඇති බවත් (64%) පසුව Humanitarian වීසා බලපත්‍රයක් ඇති අය (සියයට 61) ඔස්ට්‍රේලියානු පුරවැසියන් වී ඇති බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංක්‍රමණික සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධානී Jenny Dobak පැවසුවාය.

මෙම දත්ත වාර්තා ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණිකයින්ගේ වීසා ඉතිහාසය පිළිබඳ නව අවබෝධයක් ලබා දෙන බවද ඇය සඳහන් කළාය.

“ස්ථිර සංක්‍රමණිකයන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ පළමු වීසා බලපත්‍රය (මිලියන 1.7 හෝ 58%) ලෙස ස්ථිර සංක්‍රමණ වීසා ලබා දී ඇති බව අපට දැක ගත හැකියි,” Jenny Dobak පැවසුවාය.

ස්ථීර සංක්‍රමණිකයින් මිලියන 1.3කට ස්ථිර සංක්‍රමණිකයෙකු වීමට පෙර තාවකාලික වීසා බලපත්‍රයක් තිබී ඇති අතර බොහෝ විට එය තාවකාලික ශිෂ්‍ය වීසා බලපත්‍රයක් වී ඇති බවද මෙම දත්ත පෙන්වා දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ස්ථිර සංක්‍රමණිකයන්ගේ ඉහළම වෘත්තීන් 10

Top 10 occupations(a) of permanent migrants.JPG
Credit: Niluka Jayasundera

ස්ථිර සංක්‍රමණිකයන්ගේ රැකියා

ස්ථිර සංක්‍රමණිකයන්ගෙන් බහුතරය (71%) රැකියා කරන අය වූ අතර එම ප්‍රමාණය Skilled වීසා හිමි අය අතර ඉහළ අගයක් (81%) ගත්තේය.

ඉහළම රැකියා සම්බන්ධයෙන් ගත් කල, Family වීසා සංක්‍රමණිකයන්ගෙන් 10% ක් සහ Humanitarian වීසා ලාභීන්ගෙන් 14% ක් Carers and Aides හෙවත් රැකවරණය ලබාදෙන්නන් ලෙස සේවයේ යෙදී ඇත.

“Skilled වීසා සංක්‍රමණිකයන් සඳහා, වඩාත් පොදු රැකියා වූයේ ව්‍යාපාර, මානව සම්පත් සහ අලෙවිකරණ වෘත්තින් විය. එය ප්‍රතිශතයක් ලෙස 10% කි." ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංක්‍රමණික සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධානී Jenny Dobak පැවසුවාය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now