SKIP TO MAIN CONTENT

හම්බන්තොට වරාය චීනයට බදු දීම පසුගිය රජය සිදුකළ කළ වරදක්: ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Gotabaya Rajapaksa
Source: YouTube

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය රජය සිදුකළ කළ වරදක් බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ගෝක්ලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

මේ අතර චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ශ්‍රී ලංකාවේ හොඳම මිතුරන් බවත් ඔවුන් අතර කලාපයේ ඇතිවන මොනයම් හෝ තරගයකට ශ්‍රී ලංකාව මැදිහත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

චීනය සහ ඉන්දියාව අතර ඇති තරගයට ශ්‍රී ලංකාව මැදිහත් වන්නේ කුමන ආකාරයටද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා එසේ පැහැදිලි කළේය.

එමෙන්ම චීනයට මෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලටද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් ආරාධනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now