SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවත් හරියට දැන් ලංකාව වගෙයි : ලංකාවත් ඈඳලා හර්බජාන්ගෙන් කැන්ගරුවන්ට කනේ පහරක්.

Ind vs Aus Cricket
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Hindustan Times



Skip to article content

ඉන්දීය කණ්ඩායම හමුවේ දිගින් දිගටම පරාජය ලබන සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම කහ පැහැති ඇඳුම් ඇඳගෙන ක්‍රීඩා කරනවාක් වැනි යැයි ඉන්දීය පිළේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසා තිබේ.

“ඉන්දියාවත් සමග පැවැත්වුණු පසුගිය එක් දින තරග තුනම ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළේ හරියට කහ පාට ඇඳුම් ඇඳගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමක් වගෙයි. වීරත් කෝලි සහ ඉන්දීය කණ්ඩායම නිසැක වශයෙන්ම තරගාවලිය 5-0 ක් ලෙස තරගාවලියම ජයගැනීමට බලන් ඉන්නවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව Hindustan Times පුවත් පත වාර්තා කරයි.

ඉන්දීය - ඔස්ට්‍රේලියානු එක් දින තරගාවලිය තර 5 කින් සමන්විත වන අතර මේ වන විටත් ඉන්දීය කණ්ඩායම තරග 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගාවලියම ජයගෙන සිටියි.

දෙරට අතර පැවැත්වෙන සිව්වන තරගය හෙට (28/09) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 6 ට පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now