කොවිඩ්වලට ඉන්ෆ්ලුවන්සා මෙන් නොසැලකිය යුතු බවට විශේෂඥයෝ තර්ක කරති

COVID සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සමාන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Steve Robson පවසයි.

QLD CORONAVIRUS COVID19

Members of the public are seen wearing masks in the Brisbane CBD. (file) Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE

COVID සඳහා ඔස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිචාරය ඔක්තෝබර් 14 වන දින අවසන් විය.

ඒ අනුව කොවිඩ් වයිරසයට ධනාත්මක වන පුද්ගලයින් තවදුරටත් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

නමුත් ජාතික කැබිනට් මණ්ඩලයේ මෙම තීරණයත් සමග COVID-19 දැන් වාර්ෂික හෝ සෘතුමය ඉන්ෆ්ලුවන්සා රෝගය ලෙස සැලකිය යුතුද යන්න පිළිබඳ විවාදයක් ඇති කර තිබේ.

 

COVID සහ ඉන්ෆ්ලුවන්සා අතර වෙනස

COVID සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සමාන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Steve Robson පවසයි.

නමුත් මෙම වයිරස් දෙකම සැලකිය යුතු ලෙස එකිනෙකට වෙනස් වේ.

"COVID වයිරසය වඩාත් බෝවන අතර එහි ස්වභාවය වඩා වේගයෙන් වෙනස් කරයි" යනුවෙන් මහාචාර්ය Robson පවසයි.

“කොවිඩ් එන්නත් කිහිපයකින් හෝ COVID ආසාදනය වීමෙන් අපට ලැබෙන ප්‍රතිශක්තිය ඉතා ඉක්මනින් හීන වී යන අතර එනිසා මිනිසුන් විවිධ ආසාදනවලට ගොදුරු වෙනවා. උදාහරණයක් ලෙස, මිනිසුන්ට එක් සෘතුවකදී දෙතුන් වතාවක් COVID වැළඳෙන බව අපි දකිනවා, එය ඉන්ෆ්ලුවෙන්සා වයිරසය සමඟ ගත් කළ ඉතා දුර්ලභයි." යනුවෙන් මහාචාර්ය Robson, SBS වෙත පැහැදිලි කරයි.

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වසර දහස් ගණනක සිට සංසරණය වී ඇති අතර COVID-19 වසර තුනකට අඩු කාලයක් පමණක් සංසරණය වී ඇති බව Doherty ආයතනයේ ඉන්ෆ්ලුවෙන්සා විශේෂඥයෙකු වන මහාචාර්ය Ian Barr පවසයි.

"SARS-CoV-2 සම්ප්‍රේෂණය ඉන්ෆ්ලුවෙන්සාවට වඩා පහසුවෙන් සිදු වන අතර SARS-CoV-2 ට එරෙහි වත්මන් එන්නත් ඵලදායී ලෙස ආසාදනය නතර නොකරන නමුත් බොහෝ අවස්ථාවන්හිදී රෝහල්ගතවීම් සහ මරණ වළක්වනවා" යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ආසාදනය නැවැත්වීම සම්බන්ධයෙන් තරමක් හොඳ වන අතර රෝහල්ගතවීම් සහ මරණ වැළැක්වීමේ කාර්යභාරයක් ඉටු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

COVID, ඉන්ෆ්ලුවන්සාවට වඩා දරුණුද?

COVID යනු දිගුකාලීන මොළයේ රෝගකාරී තත්ත්වයක් ඇති කරන බහු පද්ධති ආසාදනයක් බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Steve Robson පවසයි.

COVID, long COVID වලට හේතු විය හැකි අතර එම ක්‍රියාවලිය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය සමඟ දැකිය නොහැක.

COVID-19 සහිත පුද්ගලයින්ට රෝහල්වල ප්‍රතිකාර කිරීම සඳහා විශාල සම්පත් අවශ්‍ය බව ද මහාචාර්ය Steve Robson පවසයි.

"සෞඛ්‍ය සේවකයින් විශේෂ ආරක්ෂක උපකරණ පැළඳිය යුතු අතර රෝහල හරහා COVID පැතිරීම නැවැත්වීමට විශේෂ සම්පත් අවශ්‍ය වෙනවා," ඔහු පවසයි.

"එය බොහෝ විට රෝහල් කාර්ය මණ්ඩලයට බලපානවා, එනිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් අඩු සංඛ්‍යාවක් සිටිනවා, ඒ නිසා elective සැත්කම් සඳහා විශාල පිරිසක් දැන් බලා සිටිනවා." ලෙසද මහාචාර්ය Steve Robson පැහැදිලි කරයි.

COVID, ඉන්ෆ්ලුවන්සා ලෙස සලකන්නේ කෙදින සිටද?

ඉන්ෆ්ලුවෙන්සා සේම COVID-19 සඳහා ප්‍රතිකාර කිරීමට මාරුවීම ස්වභාවික සිදුවන බව මහාචාර්ය Barr පවසයි.

"COVID-19 වඩාත් ශීත සෘතුවේ ආසාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත් එම කාලයෙන් පිටතද තවමත් ආසාදන සිදුවිය හැකියි" ඔහු පවසයි.

"මෙය තවමත් තීරණය කිරීමට ඇත්තේ COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා ආසාදන වල දිගුකාලීන බලපෑම්ය. විවිධ COVID-19 ප්‍රභේද මතු වන විට ඒවා අතර වෙනස්කම් තිබිය හැකියි. උදාහරණයක් ලෙස, Delta ප්‍රභේදය Omicron වලට වඩා දරුණු දිගු කාලීන බලපෑම් ඇති කළ හැකියි." ලෙසද ඔහු විස්තර කරයි.

ඔස්ට්‍රේලියාව තවමත් COVID, ඉන්ෆ්ලුවන්සා ලෙස සැලකීමේ තත්ත්වයට පැමිණ නොමැති බව වටහා ගැනීම වැදගත් බව මහචාර්ය Robson පවසයි.


Share

Published

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොවිඩ්වලට ඉන්ෆ්ලුවන්සා මෙන් නොසැලකිය යුතු බවට විශේෂඥයෝ තර්ක කරති | SBS Sinhala