SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හා මෙගන් "Royal Highness" නාමය භාවිතා නොකර මිලියන ගණනක් ආපසු ගෙවයි (SBS සිංහල / වාර්තා)

a
Source: AAP

2 min read

Published

By Charitha Adikari


Skip to article content

බකිංහම් මාලිගය වාර්තා කරන පරිදි මින් පසු හැරී කුමරු හා බිරිද මෙගන් නිල රජ පවුලේ සේවා වලට සහභාගී නොවනු ඇති අතර Royal Highness " නාමය භාවිතා නොකරනු ඇත.

එසේම ඔවුන් රජ පවුලට ලැබෙන මහජන මුදල් භාවිතා නොකරනු ඇති. නමුත් ඔවුන් තවදුරටත් sussex හි ආදිපාද යුවල ලෙස හැදින්වනු ඇති. නමුත් ඔවුන් His Royal Highness හා Her Royal Highness, යන ගෞරව නාම භාවිත නොකරනු ඇත.

නමුත් හැරී කුමරු රජ කිරුළට 6වැනි යට උරුමකම් කීම ඉවත් නොවනු ඇති බවද සදහන්. එසේම ඔවුන් දෙදෙනා බ්‍රිතානයේ විසු වින්ඩ්සර් මාලිගාව අසල වූ නිවස අලුත් වැඩියාවට යොදා ගත් මහජන මුදල් (tax payer's money) වන ඩොලර් මිලියන 4.5ක  මුදල නැවත ගෙවීමටද තීරණය කොට ඇති බවද සඳහන් 

a
Source: AP

මෙය රජ පවුලට දැඩි පහරක් වුවද පසුගිය සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කල බ්‍රිතාන්‍ය මහ රැජින ප්‍රකාශ කලේ තම මුනුබුරා ගේ පවුලේ අනාගතය පිලිබදව සාකච්චා කිරීමෙන් පසුව හොද තීරණයක් ගත හැකි වූ බවයි.

හැරී, මෙගන් හා ආචී කුමරු තවදුරටත් පවුලේ ආදරණීය සාමාජිකයන් වන බවත්, පසුගිය වසර වල ඔවුන් අධික ලෙස සමාජයේ අවධානයට යොමු වීම නිසා ඔවුන් අභියෝගයට ලක් වූ බවත් ඒ නිසා ඔවුන්ගේ ස්වාදීනත්වයට ආශිර්වාද කරන බවත් බ්‍රිතාන්‍ය මහ රැජින පවසා තිබේ

එසේම ඔවුන් දෙදෙනා පොදු රාජ්‍ය මණ්ඩලය හා අනෙක් රටවල සිදු කල සේවා අගය කරන බවත්, මෙගන් ඉක්මනින්ම පවුලේ සාමාජිකාවක් වීම අගය කරන බවත් රැජින පවසා තිබේ

n
Source: Getty Images

හැරී කුමරු හා මෙගන් විසින් නිල රජ පවුලේ වගකීම් වලින් ඉවත් වන බවට ගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව රැජින සමග සිදු වූ සාකච්චා අනුව මෙම තීරණ ගෙන තිබේ. මේ අනුව හැරී කුමරුගේ හමුදා නිල තනතුරු ද ඉවත් වනු ඇත. ඔවුන් මින් පසු රැජින නියෝජනය නොකලත් ඔවුන් පෞද්ගලික සමාජ සේවයේ නියැලෙමින් රජ පවුලේ ගුණ ධර්ම ඉදිරියට ගෙන් යන බවද සදහන් .

දැනට මහජන මුදලින් (tax payer's money) මෙම යුවලගේ ආරක්ෂාව සැපයුවත් එය මින් පසු සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව රජ මාලිගය තවමත් හෙළිකොට නොමැත.

Source: SBS News

SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි ආකාර පහතින් 

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now