ඉහළ අවදානම් සහිත ආහාර නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ගෙන ඒමේදී හසුවන පුද්ගලයන්ට දැන් දැඩි නව ජෛව ආරක්ෂණ නීතිවලට මුහුණ දීමට සිදුවේ.
එවෙලෙහිම නිකුත් කරන දඩ මුදල් පැනවීම් ද ලබාදෙන දඬුවම්වලට ඇතුළත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
ඔස්ට්‍රේලියාවට පැමිණිමේදී ජෛව ආරක්ෂණ නීති කඩකරන පුද්ගලයින්ට දැඩි දඬුවම්
මෙම නව ජෛව ආරක්ෂණ නීති අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් ඩොලර් 266,400 දක්වා සිවිල් දඩයක් හෝ ඩොලර් 4,440 ක එවෙලෙහිම නිකුත් කරන දඩ මුදලක් නියම කරනු ලැබේ.
ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පනත යටතේ පුද්ගලයෙකු අදාළ නීති උල්ලංඝනය කිරීමකදී මෙතෙක් පනවන ලද ඉහළම දඩ මුදල ලෙස මෙය වාර්තා වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Storeවෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම නීති සංශෝධන ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් පවතින අවදානම්වලට අනුවර්තනය වීමට සහ ප්‍රතිචාර දැක්වීමට සහ ඉදිරි දශකයේ සහ ඉන් ඔබ්බට ඇති අභියෝගවලට මුහුණ දීමට හැකි බව සහතික කරන බව කෘෂිකර්ම, ධීවර සහ වන සංරක්ෂණ අමාත්‍ය Murray Watt පැවසුවේය.
වෙළඳාමේ පරිමාව හා සංකීර්ණත්වය වැඩිවීම, දේශගුණික විපර්යාසවල බලපෑම් සහ පළිබෝධකයන් සහ රෝග ලොව පුරා දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ජෛව ආරක්ෂණ තර්ජන වැඩි වෙමින් පවතින බව ද අමාත්‍ය Watt පැවසීය.
“මෙම නව පියවර ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කරනු ඇති. අපගේ ඩොලර් බිලියන 70.3 කෘෂිකාර්මික අපනයන කර්මාන්තය ආරක්ෂා කිරීමට, කෘෂිකාර්මික සැපයුම් දාමය හරහා රැකියා මිලියන 1.6 ක් ආරක්ෂා කිරීමට සහ අපගේ ජීවන රටාව ආරක්ෂා කිරීමට එය උපකාරී වෙනවා." යනුවෙන් ද ඔහු පැහැදිලි කළේය.

පෙර හා නව දඬුවම්
පෙර දඬුවම් යටතේ, තම ගමන් මලු ඇතුළුව ඉහළ අවදානම් සහිත භාණ්ඩ සඟවා තැබීමට උත්සාහ කළ පුද්ගලයන්ට අඩු බරපතල ක්‍රියා සිදු කළ පුද්ගලයන්ට ලබාදුන් හා සමාන දඬුවම්වලට යටත් විය යුතුව තිබුණි..
මෙයට ඔවුන්ගේ ගමන් මල්ලේ ලයිනිං තුළට යම් භාණ්ඩ දමා මැසීම හෝ වැරදි සලකුණු හෝ ලේබල් සහිත බහාලුමක් තුළ භාණ්ඩ තැබීම වැනි ක්‍රියා ඇතුළත් විය හැකිය.
මෙම නව අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වීමෙන් ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පද්ධතිය අනතුරට පත් කරන පුද්ගලයින්ට දඬුවම් ඒකක 1,200 ක් හෝ ඩොලර් 266,400 ක් දක්වා සිවිල් දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙලෙස එම නීති උල්ලංඝනය කළහොත් ඔවුන්ට ඩොලර් 4,440 ක් ( කලින් නිකුත් කළ දඩ මුදලට වඩා අමතර ඩොලර් 2000 කට ආසන්න මුදලක්) ගෙවීමට සිදුවේ.
ගුවන් යානා සහ යාත්‍රා භාරව සිටින ක්‍රියාකරුවන් සහ අවශ්‍යතාවලට අනුකූල නොවන පුද්ගලයින්, මෙම අපරාධවල බරපතලකම වඩා හොඳින් පිළිබිඹු කිරීම සඳහා පුද්ගලයෙකුට ඩොලර් 222,000 ක් හෝ ආයතන සඳහා ඩොලර් මිලියන 1.1 ක් දක්වා දැඩි දඬුවම්වලට යටත් වනු ඇත.
ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තය, ආහාර සැපයුම් දාමය සහ අද්විතීය ජීවන රටාව අනතුරේ හෙළන හැසිරීම් සඳහා කම්කරු පක්ෂ රජය ඉඩ ලබා නොදෙන බවද අමාත්‍ය Murray Watt පැවසුවේය.
ජෛව ආරක්ෂණ අවදානම් ඇතිවිය හැකි අයුරු
ජෛව ආරක්ෂණ අවදානම් වරායන්, තැපැල් මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ වෙරළ තීරයේ විවිධ ආකාරවලින් පැමිණිය හැකිය.
Foot and mouth disease සම්බන්ධයෙන් වන අවදානම් සඳහා සංචාරකයින්ගේ ඇඳුම් සහ පාවහන් පවා ඇතුළත් විය හැකිය.
එවැනි අවදානම් කල්තියා හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම ප්‍රතිචාරාත්මක සහ ඵලදායී ජෛව ආරක්ෂණ පද්ධතියක් සඳහා මූලික වන බව කෘෂිකර්ම, ධීවර සහ වන සංරක්ෂණ අමාත්‍ය Murray Watt පැවසුවේය.
"ගැටිති ඇති කරන සමේ රෝග, අප්‍රිකානු සූකර උණ හෝ Xylella ඇතුළු විය හැකි අනාගත තර්ජන ඉලක්ක කර ඒවාට ප්‍රතිචාර දැක්වීමට ද මෙම පියවර භාවිතා කරනු ඇත." යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

