කොරෝනා වයිරසය නිසා ඔබටත් ප්‍රථම වරට Centrelink ආධාර ලබා ගැනීමට සිදු වුනාද? මේ ඒ සදහා ඔබ අනුගමනය කල යුතු පියවර

s

Source: ABC Australia

කොරෝනා වයිරසය නිසා ඔබටත් ඔබේ රැකියාව අහිමි වීම හෝ තාවකාලිකව අත්හිටුවීමට මුහුණ දීමට සිදු වුව හොත් Centrelink වෙතින් ලබා දෙන සහන ලබා ගන්නේ මෙසේයි.
 
පසුගිය දිනවල පැනවූ නව නීති මගින් රැකියා අහිමි වූ පිරිස් අධික ලෙස Centrelink සේවා වෙත ගොස් ඇති අතර එම සේවා ලබා ගැනීම තරමක් සංකීර්ණ බවයි බොහෝ දෙනාගේ අදහස. මේ jobseeker දීමනාව ලබා ගැනීමට ඔබ කල යුතු දේ මෙසේයි 
 
Centrelink වෙත නොගොස් හැකි තරම් online ක්‍රම මගින් එම දීමනාව ලබා ගැනීමට ඔබට හැකියි

පළමු පියවර


ඔබේ mygov ගිණුමට එම වෙබ් අඩවිය ඔස්සේ යොමු වන්න. එසේ ගිණුමක් ඔබට  නැත්නම් අලුතින් mygov ගිණුමක් ආරම්භ කරන්න

දෙවැනි පියවර

Centrelink ගිණුමක් විවුර්ත කරන්න , ඔබට මීට පෙර එවන් ගිණුමක් තිබුනානම් ඊලග පියවර වෙත යා හැකියි.

ඔබ මීට පෙර දීමනා ලැබුවත් ඔබට online ගිණුමක් නොතිබෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ පැරණි ලියකියවිලි සොයා බලා එම අංකය සොයා ගත හැකි දැයි උත්සහ කරන්න. Customer Reference Number (CRN) හෝ  Customer Access Number (CAN) යන අංක ලබා ගත යුතුයි. එසේත් නැත්නම් ඔබට centrelink වෙත දුරකතනයෙන් ඇමතීමට  සිදු වන අතර ඒ සදහා දිගු වෙලාවක් දුරකතනයේ රැදී සිටීමට සිදුවේ.

ඔබ මීට පෙර ගිණුමක් ආරම්භ කර නැත්නම්, මීට පෙර එම අංකය ලබා ගැනීමට ඔබේ සත්‍ය ලියකියවිලි අවශ්‍ය වුවත් දැන් ඔබේ ලියකියවිලි පිලිබදව ඔබ පවසන තොරතුරු මේ අවස්ථාවේ Centrelink ආයතනය විසින් පිළිගනී.

තෙවැනි පියවර

ඔබේ mygov ගිනුමත් Centrelink ගිනුමත් සම්බන්ධ (link ) කිරීම සිදු කරන්න

සිව්වැනි පියවර

ඔබ තවමත් රැකියාවක් කරයි නම්, ඔබේ පැය ගණන අඩු වී ඇත්නම්, ඔබේ රැකියා ස්ථානයෙන් එය තහවුරු කරමින් ලිපියක් අවශ්‍ය වේ. මීට පෙර රැකියා අහිමි වූ අයෙක් employment seperation නම් සහතිකයක් පිරවීමට අවශ්‍ය වුවත් අප්‍රේල් 27 සිට එය අදාල නොවේ. ඔබ ඉන්පසු ඔබගේ අනෙකුත් ලියකියවිලිද එම ගිණුමට එක් කල යුතු වේ. අප්‍රේල් 27 සිට ඔබේ නිවාස කුලී තොරතුරු හා විවාහය පිළිබද තොරතුරුද අවශ්‍ය වන්නේ නැහැ

පස් වැනි පියවර

දැන් ඔබට centrelink මගින් දීමනාවක් ඉල්ලිය හැකියි. ඔබේ අවශ්‍ය ලියකියවිලි සොයා ගෙන mygov හි centrelink වෙත ගොස්, Payments and Claims වෙත යොමු වන්න. එහි make a claim තුලින් ඔබට එය සිදු කල හැකි වේ. අවශ්‍ය ලියකියවිලි ඇතුල් කරන්න. ඒ සදහා දින 14ක් ඔබට ලැබේ

හය වැනි පියවර

ඔබ centrelink සමග දුරකථන සංවාදයකට වේලාවක් ලබා ගත යුතු වේ. ඔවුන් ඒ අනුව ඔබව අමතන්නේ private number එකකින් බැවින් , ඒ පිළිබද අවධානයෙන් සිටින්න.

සත් වැනි පියවර

Centrelink ආයතනය විසින් ඔබේ දීමනාව පිළිබද ඔබව දැනුවත් කරන තුරු ඔබට බලා සිටීමට සිදුවේ. MyGov inbox එක තුලට හෝ Express Plus Centrelink app එක download කරගැනීම තුලින්ද ඔබට එම දැනුවත් කිරීම ලබා ගත හැකි වේ. සෑම සති 2ට වරක්ම ඔබ එම කාලය තුල ඉපයූ මුදල් පිලිබදව centrelink වෙත ඔබට වාර්තා කිරීමට සිදු වේ. එසේ නැත්නම් ඔබේ දීමනාව නොලැබේ, ඔබ එම වාර්තා කිරීම ප්‍රමාද කලොත් දීමනාවද ප්‍රමාද වේ.

මේ වසංගතය සමයේ ඔබට දීමනා ලබා ගැනීමට රැකියා සදහා අයදුම් කල යුතු වේද ?

සාමාන්යෙන් මෙම දීමනා ලබා ගැනීමට ඔබ රැකියා සදහා ඉල්ලුම් කිරීම හා පුහුණුව ලැබීම අවශ්‍ය වුවත් අප්‍රේල් 27 වැනිදා සිට මාස 6ක කාලයක් තනි වෙළෙන්දන් හෝ ස්වයන් රැකියා වල නිරත වන සති 2ට ඩොලර් 1075ට වඩා අඩුවෙන් උපයන එම ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන් දීමනා ලබා ගත හැකි වේ. එසේම වයිරසය නිසා සමාජයෙන් ඉවත්වී සිටින අයටත් රැකියා වලට ඉල්ලුම් නොකර එම දීමනා ලබා ගත හැකි වේ.
නමුත් රැකියා අහිමි වූ හෝ වැඩ කරන පැය ගණන අඩු වූ පුද්ගලයින්ට රැකියා සදහා ඉල්ලුම් කිරීමට සිදු වේ. පහත වෙබ් අඩවියෙන් තොරතරු ලබා ගන්න

 එසේම ඔබේ දරුවාගේ පාසල වසා ඇත්නම් හෝ ලමා සුරැකුම් මධ්‍යස්ථානය වසා ඇත්නම් හෝ ඔබට යම් දීමනාවක් ලබා ගත හැකි වේ. නමුත් ඔබ centrelink වෙත අමතා ඔබ රැකියා පිළිබද සෙවීමෙන් නිදහස් කිරීම හෙවත් exemption සදහා අයදුම් කල යුතු වේ.

Customer Reference Number (CRN) ලබා ගැනීම

මීට පෙර මෙම අංකය ලබා ගැනීමට ඔබේ චායාරුපය සහිත හැදුනුම් පත් අවශ්‍ය වුවත්, දැන් ඒ සදහා ඔවුන් දුරකතනයෙන් ඇමතීම ප්‍රමාණවත්

Centrelink ආයතනය විවෘතව තිබේද?

ඔව් එය අත්‍යවශ්‍ය සේවාවක් නිසා විවෘත වන අතර, මේ අවස්ථාවේ විශාල පිරිසක් Centrelink වෙත ගමන් කරන නිසා එකිනෙකා අතර දුරස්ථ භාවය මීටර් 1.5ක් තබා ගැනීම අතවශ්‍ය නිසාත් හැකි තරම් වෙබ් අඩවිය හරහා සේවා ලබා ගැනීම ඔබට පහසු වේ

Source: ABC


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service