දශකයකට අඩු කාලයකදී සිඩ්නි සහ Hobart හි නිවාස වටිනාකම දෙගුණයක් වී තිබේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවලට නිවාස මිල දෙගුණයක් වීමට සැලකිය යුතු කාලයක් ගත වී ඇත.
ඇතැම් නිවාසවල වටිනාකම දෙගුණ වීම සඳහා වසර හතකට වඩා අඩු කාලයක් ගත වී ඇති අතර අනෙක් ඒවා සඳහා වසර 17 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව නවතම PropTrack විශ්ලේෂණය පෙන්වා දෙයි.
ඉදිරි වසර තුළ ඇතැම් නගරවල නිවාස මිල වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වනු ඇතැයි ද එම පර්යේෂණය පුරෝකථනය කර ඇත.
ඔස්ට්‍රේලියාව පුරා නිවාස හා දේපල වටිනාකම දෙගුණ වීමට කොපමණ කාලයක් ගතවී ඇත්ද සහ නව මුල්‍ය වර්ෂයේ නිවාස මිල ගණන් කොපමණ වෙනස් විය හැකිද යන්න පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
නිවාස වටිනාකම දෙගුණයක් වීමට කොපමණ කාලයක් ගතවේද?
ඔස්ට්‍රේලියාවේ නිවාසයක වටිනාකම දෙගුණ වීම සඳහා වසර හතේ සිට 10 දක්වා කාලයක් ගතවන බව බොහෝ විට කියනු ලැබේ.
නමුත් එම කාලය 2023 මැයි දක්වා වසර 15.4 ක් වූ බව නව PropTrack විශ්ලේෂණයෙන් පෙන්නුම් කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Units වර්ගයේ නිවාස සඳහා එම ආකාලය වසර 17.8ක් පමණ දිගු කාලයක් බවද එම වාර්තාව අනාවරණය කර තිබේ.
ටස්මේනියා ප්‍රාන්තයේ Hobart නුවර නිවාස මිල දෙගුණයකින් වැඩි වීමට වසර 6.8ක් ගත වූ අතර Units වර්ගයේ නිවාස සඳහා වසර 7.8ක් ගත විය.
සිඩ්නි නුවර නිවසක මිල දෙගුණ වීමට වසර 9.6 ක් සහ Units වර්ගයේ නිවාසයක මිල දෙගුණ වීමට වසර 17.3 ක කාලයක් ගතවී ඇත.
ටස්මේනියා, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රාදේශීය කලාප ද ඇතුළුව ඇතැම් ප්‍රාදේශීය කලාපවල නිවාස වටිනාකම් වසර 10කට අඩු කාලයකදී ඒවායේ පෙර වටිනාකම මෙන් දෙගුණයක් දක්වා වර්ධනය විය.
නිවාසවල පිරිවැය වැඩි වීමත් සමඟ මිලෙහි ප්‍රතිශතයේ ඇති ලාභය අඩු වී ඇති බවක් මින් ඉසමතු කෙරෙන බව PropTrack ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ Cameron Kusher පැවසීය.

ඔබේ ප්‍රදේශයේ නිවාස මිල දෙගුණ වීමට වසර කීයක් ගත වී තිබේද?
නිවාස වෙළෙඳපොළ වාර්තාගත ඉහළ මට්ටමක් කරා යාමට සූදානම්
2022 වසරේ පහත වැටීමකින් පසු ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ සඳහා මනා හොඳින් ස්ථාපිත සහ ස්ථාවර ප්‍රකෘතියක් අත්කරගනු ඇතැයි පුරෝකථනය කෙරේ.
මෙම සංඛ්‍යා ලේඛන නිවාස වෙළෙඳපොළ පිළිබඳ Domain නවතම නිවාස මිල වාර්තාවෙන් පසුව පැමිණ ඇත.
2023-24 මුල්‍ය වර්ෂය සඳහා වන පුරෝකථන වාර්තාවට අනුව, සිඩ්නි, ඇඩිලේඩ් සහ පර්ත් හි නිවාස මිල නව වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වනු ඇත.
පුරෝකථනයේ පරිදි නිවාස වෙළෙඳපොළෙහි වර්ධනය සිදු වුවහොත්, ඔස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික නගරය වන සිඩ්නි හි මධ්‍ය නිවාස මිල ඩොලර් මිලියන 1.62 ත් ඩොලර් මිලියන 1.66 ත් අතර තිබෙනු ඇත.

මේ අතර බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ හෝබාර්ට් හි unit වල මිල ද නව වාර්තාගත ඉහළ අගයකට ළඟා විය හැකි බව එම වාර්තාව හෙළිකර තිබේ.
ඇඩිලේඩ් සහ පර්ත් හි නිවාසවල මිල සෙමින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඉදිරි මූල්‍ය වර්ෂය තුළ ප්‍රාදේශීය කලාපවල නිවාස සහ unit වල මිල ගණන් "සාමාන්‍ය ලෙස" ඉහළ යනු ඇතැයි මෙම වාර්තාව පුරෝකථනය කර තිබේ.
එහිදී නිවාස මිල, unit වල මිල අභිබවා යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

