SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ලෙස හතුරුසිංහ නැවත පත් කෙරේ

Hathurasingha returns to New South Wales as batting coach
Chandika Hathurusingha Source: Hagen Hopkins/Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහයකයා ලෙස හා පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තෝරාගෙන තිබේ.

2010 - 2014 අතර කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස ද හතුරුසිංහ මහතා සේවය කර තිබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයට Cricket Australia pathways පුහුණුකරු Chris Rogers සහ  බටහිර ඉන්දීය කොදෙව් හි සහකාර පුහුණුකරු Toby Radford ද අයදුම් කර තිබූ බව සඳහන්.

එංගලන්තයේ මයිකල් යාර්ඩි 2019 දී අත්සන් කළ වසර දෙකක ගිවිසුමේ අඩක් ගෙවා දමමින් සිටින විට සිය පවුලේ හේතූන් මත ආපසු එංගලන්තයට ගිය පසු නව පිතිකරණ පුහුණුකරුවෙකු සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අවශ්‍ය විය.

ඒ අනුව චන්දික හතුරුසිංහ මහතාව එම ධුරයට තෝරාගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now