ඕස්ට්‍රේලියාව තුල චීනයේ සිට පැමිණෙන සියලු පාසල් සිසුන් වෙන් කොට තැබීමට අවශ්‍ය නැති බව සෞඛ්‍ය අංශ පවසයි (SBS සිංහල / වාර්තා)

d

Source: AAP

ඕස්ට්‍රේලියාවේ සමහර පෞද්ගලික පාසල් චීනයේ සිට පැමිණෙන සිසුන් වෙන් කොට තැබීමට කටයුතු කලද එය අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. බ්‍රිස්බන් නුවර නේවාසික පාසලක් දරුවන් එසේ සති 2ක් වෙන් කොට තැබීමට කටයුතු කර ඇති අතර සමහර පෞද්ගලික පාසල් චීනයේ සිට ආ දරුවන්ට සති 2ක් යන තුරු පාසල් නොයෙන ලෙස පවසා තිබේ.

නමුත් සෞඛ්‍ය අංශ පාසල් වෙත උපදෙස් දෙන්නේ චීනයේ සිට පැමිණි , අසනීප ව සිටින හෝ රෝගියෙකු සමග ස්පර්ශයක් සිදු වූ දරුවන් පමණක් දින 14ක් වෙන් කොට තැබිය යුතු බවයි. මේ නිසා අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසා ඇත්තේ සියලු පාසල්, විශ්ව විද්‍යාල හෝ අනෙකුත් අධ්‍යාපන ආයතන උපදෙස් පරිදි කටයුතු කිරීම ප්‍රමාණවත් බවයි.

එසේම අන්තර්ජාතික සිසුන්ට ඔස්ට්‍රේලියාව තවමත් විවුර්ත යන පණිවිඩයද ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසයි.

එසේම ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය Brendan Murphy පවසන්නේ චීනයේ සිට පැමිණෙන සියලු දෙනාම නිරෝධනය කිරීම අවශ්‍ය නොමැති බව.ඔහු පවසන්නේ චීනයේ සිට පැමිණි සියලු දෙනාම ප්‍රජාවේ අනෙක් සාමාජිකයන් ලෙස සැලකිය යුතු බවත් රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් මුහුණු ආවරණයක් පැළද වෛද්‍යවරයා හමු විය යුතු බවයි.

නමුත් NSW හි අධ්‍යාපන අමාත්‍ය Sarah Mitchell  පවසන්නේ චීනයේ සිට පැමිණෙන දරුවන් සති 2ක් යන තුරු නිවෙස් වල තබා ගන්න ලෙසයි. එමගින් ප්‍රජාවේ ආරක්ෂාව සදහා අප සියලු ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වන බව ඇය පවසනවා.

දැනට NSW හි කොරෝනා වයිරස් ආසාධිතයින් 4ක් හා වික්ටෝරියාවෙන් එක අයෙකු හමුවී ඇතත් ක්වීන්ස්ලන්තයෙන් තවමත් එක රෝගියකු වත් වාර්තා වී නැහැ . නමුත් බ්‍රිස්බන් හි Stuartholme School for girls පවසා ඇත්තේ චීනයේ සිට පැමිණි සිසුන් 10 දෙනෙකු පාසලේ වෙනමම මහලක දින 14ක් සිටිනු ඇති බවයි. ඔවුන්ට උපරිම සැප පහසුකම් ලබා දෙන බවත් පාසලේ විදුහල්පතිනිය Kristen Sharpe පවසා තිබේ.

එසේම මෙල්බන් හි Wesley College ද Hubei ප්‍රාන්තයේ සිට පැමිණෙන සිසුන් වෙන් කොට තැබීමට කටයුතු කරනු ඇත.

එසේම Association of Heads of Independent Schools හි ප්‍රධානී Beth Blackwood පවසන්නේ එසේ නේවාසික පාසල් අමතර ක්‍රියාමාර්ග ගැනීම ගැටළුවක් නොවන බවයි. ඇයද වසර 2003 SARS වයිරසය පැතිරුණ සමයේ පර්ත් නුවර Presbyterian Ladies' College හි එවන් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

එසේම විදුහල්පතිවරුන් අසහනකාරී තත්වයක් ඇති නොවීමට වග බලා ගනු ඇති බවත්  මෙහිදී දරුවන් කිසිදු සහයක් නොමැතිව තනි කිරීමක් නොකරන බවත් ඇය පවසනවා. දරුවන්ට පාසලට මුව ආවරණ පැළදීමට අවසරද දෙමාපියන් විසින් පාසල් වලින් ඉල්ලා තිබේ.

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now